Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජිනීවාහි නව නිර්දේශය වලට හේතුව ආණ්ඩුවේ නොසැලකිලිමත්කමයි – ඇමරිකානු තනාපතිනිය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ, ලංකා රජය සම්බන්ධයෙන් ගන්නා ලද නිර්දේශ මගින් සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් තවදුරටත් තහවුරු කොට ඇතැයි ට්විටර් පණිවිඩයක් ඔස්සේ ප්‍රකාශ කරන්නේ ලංකාවේ ඇමරිකානු තානාපතිනිය වන අලයිනා ටෙප්ලිස්ටර් ය.

නව නිර්දේශය මගින් පැහැදිලි වන්නේ නීතිය පසිඳලීම හා වගවීම පිළිබඳව ලංකා රජයේ නොනිමි උත්සාහයක් අවශ්‍ය බව තහවුරු වන බවය.

එමෙන්ම ලංකා රජය විසින් පත්කරන ලද කොමිසන් සභා මගින් දෙන ලද්දාවූ පොරොන්දු, නිර්දේශ හා මඟ පෙන්වීම් තවදුරටත් ක්‍රියාත්මක නොවූ අයුරු මෙයින් පැහැදිලි වෙතැයි ඇය සදහන් කරයි.

තවද ලංකා රජය ස්ථිරවම සියලු පාර්ශ්වයන් එක් කොට, දීප්තිමත් අනාගතයක් උදෙසා, අතීතයේ සිදුවූ සිත් රිදීම් හා වේදනාවන් සදහා නිසි විසඳුම් සෙවිය යුතු අතර, සියලුම ජන කොටස්වල අයිතිවාසිකම් ස්ථිර කොට විශ්වාසය ද දිනාගෙන කටයුතු කළ යුතු බව තමා ඉල්ලා සිටින බවත් ඈ තවදුරටත් සදහන් කළාය.

එක්සත් ජාතීන්ගේ නිර්දේශ සඳහා අනුග්‍රාහක රටක් ලෙසත්, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය හා සෞභාග්‍ය උදෙසා ඉතා පරිත්‍යාගශීලීව කටයුතු කරන රටක් ලෙස ඇමරිකාව කටයුතු කරන බව තවදුරටත් විස්තරකර සිටියාය.

Exit mobile version