දේශිය කර්මන්තයක් ලෙස කුරුදු දුම් පානයක් හදුන්වා දිමක් පසුගියදා අපි දැක්ක. සිගරට් භාවිතයට විකල්පයක් ලෙස මෙය සද්බාවයෙන් කල දෙයක් වෙන්න ඇති. ඵ්ත් විද්‍යනුකුලව නම් මෙතන වෙන්නෙ වෙන දෙයක්.
මෙම දුම් බට මිලදි ගැනිමට නිදහසේ ඉඩ ලැබෙන නිසා වෙනදා දුම් නොබොන අය මේ දුම් උරන්න පටන් ගන්නවා.එසේ දුම් උරන්න පුරුදු උනාට පස්සෙ නිකටින් අඩංගූ දුම් උරන්නත් ඉක්මනින්ම පුරුදු වෙනවා. දුම් ඉරිම සාමාන්‍ය දෙයක් වෙලා පස්සෙ මේක පුරුද්දක් වෙනවා.බටයක් කටේ රුව ගෙන ඉන්න දර්ශනය හැම තැනම පේන කොට ඒක අනුකරණය කරන්න සෙසු අය පෙලබෙනවා.
විශේෂයෙන් තරුන පරපුර අනුකරණයට දක්ශයි, ඊට පස්සෙ කාලයත් එක්ක අලුත් අලුත් දේවල් උරා බි අත්හදා බලන්නත් පෙලබෙනවා. වෙනද සිගරට් නොබිපු අයත් අලුතින් ඇබ්බහි වෙන්නෙ මේ නිසා.
දුම් බිමට විකල්ප ලෙස බෙහෙත් හා ද්‍රව්‍ය තිබෙනවා. එත් ඒවා නිකුත් කරන්නෙ වෛද්‍යවරයෙකුගේ අදික්ශනය යටතේ. එවිට මෙහෙම අවදානමක් නැ.
අනිත් අතට කුරුදු වලින් දුම් බට නොහැදුවට තව කරන්න වැඩ කොපමන තියෙනවද?
චුවින්ගම් ටොෆි, මේවා ගැන හිතන්න දුම් බට පැත්තකින් තියෙල.
කුරුදු දුම පෙනහල්ලට හොදද නැද්ද කියන එකත් වෙනම කතාවක්. ඒ ගැන කායික වෛද්‍යවරුන් කතා කරාවි. කිසිම දුමක් දිගට ඉරිම හොද නැති බවයි ඒ අය කියන්නෙ.
දේශපාලකයන් හැම දේම දන්නව කියල බලාපොරොත්තු වෙන්න බැහැ.
දුම් පානය ගැන බලදාරින්ට උපදෙස් දෙන රාජ්‍ය හ රාජ්‍ය නොවන ආයතන බොහෝ ගානක් තියෙනවා. කොලඹ සම්මන්ත්‍රන පවත්නවට එහා හිතල අවශ්‍ය උපදෙස් දෙශපාලකයන්ට දෙන එක එයාලගෙ අනිවාර්ය යුතුකම. එහෙම දෙනවනම් මේ වගෙ දේවල් වෙන්නත් බැහැ නේද?