“මාගේ මාමා මියගොස් දින 70කට පසු මෘත දේහය වළලනු ලැබීය. මාමා ගේ මරණින් පසු මුස්ලිම් කෙනෙකු මිය යෑමෙන් පසුව කලයුතු යාඥා, ප්‍රාර්ථනා හා දානමාන ආදි කිසිවක් කළ නොහැකිව ලත වූ වෙමු. එම කාලය තුළදී බලධාරීහු වරින්වර පැමිණ දේහය පිලිස්සීමට අවසර පැතූහ. පොලිස් නිලධාරීන් ද දැඩි උත්සාහයක නිරත වූයේ මෘත දේහය ආදාහනය කිරීමට අපගෙන් අවසරයක් ලබා ගැනීමටය. මෙයින් අප සැමගේ මානසික පීඩනය තීව්‍ර විය.
කම්පිත සිතින් මෙසේ පැවසුවේ කාතන්කුඩිහි පදිංචි අබ්දුල් ජලීල් මුහම්මද් අම්ජත් ය.
කෝවිඩ් 19 වසංගතයෙන් මිය ගිය අයවලුන් භූමදානය සඳහා අවසරය මාර්තු 5වන දින සිකුරාදා සිට ආරම්භ විය. ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යටත් කාගිද් නගර් ග්‍රරාමසේවා වසමේ ඇති මජ්මා නගරයේ මෙම භූමදාන කටයුතු ආරම්භ කරන ලදී.
පළමු දිනයේ එහි වැලලූ දේහයන් අතර අම්ජත්ගෙ මාමා ද විය, ඔහු මිය ගියේ 2020 දෙසැම්බර් 26වන දිනය. එදින සිට උසාවි නියෝගයට අනුව කාත්තන්කුඩි මූලික රෝහලෙහි මෘත ශරීරාගාරයේ දේහය තැන්පත් කරනු ලැබීය. මාමා මිය ගිය දින සිට භූමදාන කරන තෙක් දැරූ අනේකවිධ මානසික පීඩනයන් හා මළ සිරුර භූමදානය තෙක් කෙසේ ආරක්ෂා කර ගත්තේ ද යන්න කම්පිත සිතින් අම්ජඩ් විස්තර කළේය.
නො පහන් සිතින් භූමදානය කරන තුරු කිසිම සැනසීමක් සිතට නොලැබුන බවත් ඔවුන්ගේ එකම පැතුම වූයේ ආදාහනය නොකොට භූමදානය සඳහා කිසියම් අවස්ථාවක් ලබා ගැනීමට උත්සාහ කිරීමය. කොරෝනා වසංගතයෙන් මිය ගිය අයවලුන් පිලිස්සීම හැර වෙන මගක් නොමැති බවට ආරංචිය පැතිර යත්ම තම මාමාගේ මළ සිරුර ද පිලිස්සීමට ලක් වී ඇති බවට කවුරුන් හෝ කෙනෙකු විමසූ විට පවුලේ සැවොම එක විට හඬා වැලපීම හැර අන් කිසිවක් නෑසුනේ ය. කාන්තාවන්ගේ වැලපීම දුක්බර අඳෝනා වලින් දෙසවන් පිරී තිබුණු බවත් විස්තර කළේය. සෑම දිනකම වාගේ තම මාමාගේ මෘත දේහය පුළුස්සා ඇද්දෝ නැතිනම් තවමත් දේහය සුරක්ෂිතව තිබේද, යනුවෙන් සිතමින් කල්ගත කළ බවත්, තමාගේ දෛනික ව්‍යාපාරික කටයුතු වලින් පවා ඈත්වීමට සිදු වූ බවත් අම්ජත් ප්‍රකාශ කළ අතර භූමදාන කටයුතු අවසන් වූ පසු තම සිතට සැනසීමක් ලැබුණු බව ඔව් තවදුරටත් කියා සිටියේය.
නොහැකියාවේ හැඟීම :
ඉස්ලාමීය වත්පිළිවෙත් වලට අනුව යමෙකු මළ ගිය පසු පැය 24 ක් තුළ දී ඔහුගේ භූමදාන කටයුතු කළ යුතු බවට රීතියක් ඇත. තවද මෘත දේහයකට නිසි ගෞරවයක් සහ එම දේහයට කළ යුතු වත් පිළිවෙත් නිසි අයුරින් ඉටුකිරීම එම සමාජයට අනිවාර්‍ය වගකීමක්ද වේ. කොවිඩ්19 වසංගතයත් සමඟම ලංකාවේ ක්‍රියාත්මක වූ කොරෝනා ආසාදිත මෘත දේහයන් බලහත්කාර ආදාහනය මගින් මුස්ලිම් සමාජය මහත් කැළඹීමකට ලක් කළ සිද්ධියකි. මෙසේ බලහත්කාර පිලිස්සීම පිළිබඳව ලන්ඩන් නුවර පිහිටි ශ්‍රිලාංකික අයිතීන් උදෙසා වූ සංගමය විසින් කරන ලද සවිස්තරාත්මක අධ්‍යයනයක වාර්තාවක් ප්‍රකාශයට පත්කර ඇත. එම පර්යේෂණය පිළිබඳව එම සංගමයේ ප්‍රචාරක ලේකම් අබ්දුල් බසිර් මෙසේ විස්තර කළේය,”බලහත්කාර ආදාහනයට ලක්වූ පවුල් සමඟ කරන ලද සාකච්ඡා වලින් පසුව තමා ඉතා කනස්සල්ලට ලක්වූ බව ප්‍රකාශ කළේය.
ගින්නකට පූජා කළා දෝ
බලහත්කාරයෙන් ආදාහනයට ලක්වූ පවුල් තිහක් පමණ තොරතුරු ලබා ගැනීම සඳහා සම්බන්ධ කරගැනීමට හැකිවිය. මෙහිදී මානසික පීඩනයට පත් එම පවුල්වල සාමාජිකයන් තව දුරටත් කියා සිටියේ තම මව, පියා හෝ ඥාතියා මිය යායුතුව තිබුණේ රජය විසින් භූමදාන ට අවසර දීමෙන් පසුව බවත් තමාගේ ළඟම ඥාතියා ගින්නකට තල්ලු කළාදැයි ? සිතමින් තමන් මානසික ආතතිය සමගින් කල් ගත කරන බව ය.
-Vidivelli