Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කටුනායක ගුවන් තොටේ අරලිය කොලය යලි නෙළුම් කොලය කරයි!

කටුනායක ගුවන් තොටේ අරලිය කොලය යලි නෙළුම් කොලය කරයි!

කටුනායක ගුවන් තොටේ අරලිය කොලය යලි නෙළුම් කොලය කරයි!

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දෙවැනි මගී පර්යන්තය නැවතත් නෙළුම් කොළයේ හැටියට වෙනස් කිරීමට රජය තීරණය කර ඇත.
එහි මුල් සැලසුම වී තිබූ නෙළුම් කොළයේ හැඩය පසුගිය යහපාලන රජය විසින් අරලිය කොළය හැඩයට වෙනස් කරන ලදී.

එය නැවත නෙළුම් කොළය හැඩයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 35ක පමණ මුදලක් වැය වන බවට ද වාර්තා වේ.
යහපාලන රජය විසින් මෙම පර්යන්තය අරලිය කොලේ හැඩය වෙනස් කිරීම සඳහා රුපියල් මිලියන 600 ක වියදමක් දරා තිබේ.

ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා සඳහන් කරන්නේ මෙම මගී පර්යන්තය නෙළුම් කොළයේ හැඩය ඉතා අලංකාර ලෙස නිර්මාණය කර තිබීමට සැලසුම් කර තිබුණද අරලිය කොලය හැඩය ලෙස වෙනස් කිරීමෙන් එය විනාශ වී ගොස් ඇති බවයි.

රජයට කිසිදු අමතර පිරිවැයකින් තොරව මෙම නව වෙනස්කම් සිදු කරන බවද ඔහු සදහන් කලේය.

Exit mobile version