Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආණ්ඩුවේ ‘නිකාබ් තහනමට’ එරෙහිව පාකිස්තාන තානාපති පෙරට එයි

ආණ්ඩුවේ ‘නිකාබ් තහනමට’ එරෙහිව පාකිස්තාන තානාපති පෙරට එයි

ආණ්ඩුවේ ‘නිකාබ් තහනමට’ එරෙහිව පාකිස්තාන තානාපති පෙරට එයි

ශ්‍රී ලංකාවේ නිකාබ් තහනම හේතුවෙන් ශ්‍රී ලාංකික සාමාන්‍ය මුස්ලිම්වරුන්ගේ සහ ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ගේ හැඟීම්වලට ඍණාත්මක බලපෑමක් වන බව ශ්‍රී ලංකාවේ පකිස්තාන තානාපති සාද් ඛට්ටක් මහතා කියා සිටියි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපතිවරයා පවසන්නේ COVID-19 වසංගතය හේතුවෙන් මෙරට මුහුණ දී ඇති ආර්ථික අපහසුතා සහ අනෙකුත් අභියෝගතා හමුවේ ආරක්ෂාවේ නාමයෙන් මෙවැනි බෙදීමේ පියවරයන් හරහා රටේ සුළු ජාතීන්ගේ මූලික මානව හිමිකම් අහිමිවීමේ භීතිය තවදුරටත් වැඩි වීම පමණක් සිදුවනු ඇති බවයි.

කෙසේවෙතත් මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා (15) කියා සිටියේ බුර්කාව තහනම් කිරීමට අමතරව, ඇස් හැරුණු විට එය පැළඳ සිටින අයගේ මුහුණ ආවරණය වන නිකාබයද තහනම් කිරීමද කැබිනට් යෝජනාවට ඇතුළත් වන බවයි.

Exit mobile version