Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බෞද්ධයන්ට පන්සල් යාම; දරුවන් දහම් පාසල් යැවීම අනිවාර්ය කළ යුතුයි; – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට අගමැති උපදෙස්

අතරමග නවතා දමා ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කර ජල ගැලීම් නිසා ජනතාව මුහුණ දෙන ගැටලු අවම කිරීමට අගමැති උපදෙස්

බෞද්ධයන්ට සතියකට දිනයක් හෝ අඩුම වශයෙන් පොහොයකටවත් පන්සල් යෑම අනිවාර්ය කළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියයි.
එමෙන්ම දරුවන් දහම් පාසල් යැවීමත් අනිවාර්ය කළයුතු යැයි ද අගමැතිවරයා පවසයි.

අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසිපරිදි සිදුවන බවත්, වෙනත් ආගමිකයින් නියමිත දිනයකදී පල්ලි ගියත් බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්ව ඇතැයි ද අගමැතිවරයා සඳහන් කරයි.

තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා නොගතහොත් සිදුවන්නේ විශාල විනාශයක් බව ද අගමැතිවරයා කීවේය.

අගමැතිවරයා මේ බව පැවසුවේ පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට (14) එක්වෙමිනි.

Exit mobile version