Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

HIV යෙන් ස්වභාවිකව සුවය ලැබූ ලොව දෙවන රෝගීයා ආර්ජන්ටිනාවෙන්

HIV ස්වභාවිකව සුවය ලැබූ ලොව දෙවන රෝගීයා ආර්ජන්ටිනාවෙන්

HIV ස්වභාවිකව සුවය ලැබූ ලොව දෙවන රෝගීයා ආර්ජන්ටිනාවෙන්

HIV හෙවත් ඒඩ්ස් වෛරසය ආසාදනයව සිටි පුද්ගලයෙකු සොභාවිකවම වෛරසයෙන් සුවය ලැබිමේ සිද්ධියක් ආර්ජන්ටිනාවෙන් වාර්තා වේ. මෙලෙස සුවය ලබා ඇත්තේ පුරා වසර 08ක කාලයක් HIV වෛරසය ආසාදනය වී සිටි වයස අවුරුදු තිස්ගණනක පසුවන කාන්තාවක් යැයි ආර්ජන්ටිනාවේ සෞඛ්‍ය බලධාරීන් පවසති.

ඇය මෙලෙස ස්වභාවිකව සුවය ලැබූ දෙවන ආසාදිතයා බවද වාර්තා වේ.

විද්‍යාඥයින් පවසන්නේ ආර්ජන්ටිනාවේ, එස්පෙරෙන්සා නගරයේ ජිවත්වන එම කාන්තාවට මේ වනවිට කිසිදු රෝගයක් හෝ වෛරසයක් නොමැති බවය.

HIV වෛරසය සම්බන්ධ විශේෂඥයින් පිරිසකගේ රැස්වීමකදී හාර්වඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම විශේෂ නිවේදනය ප්‍රකාශයට පත් කර ඇත.

HIV වෛරසය ආසාදනය වී සිට ස්වභාවිකව සුවය ලද ලොව පළමු ආසාදිතයා පළමු වරට ඉකුත් අගෝස්තු මාසයේ අමෙරිකාවේ සැන් ෆ්‍රෑන්සිකෝ නුවරින් වාර්තා විය. ඒ 67 හැවිරිදි ලෝරින් විලේන්බර්ග් නම් කාන්තාවකි.

මෙම සොයා ගැනීම මගින් ලොවපුරා සිටින HIV ඒඩ්ස් වෛරසය ආසාදිත මිලියන 38ක ජනතාවට සුභවාදී පණිවිඩයක් වනු ඇති බවයි විද්‍යාඥයෝ බලාපොරොත්තු පළකරති.

“වෛරසය ආසාදනය වී සිට සොභාවිකව සුවය ලැබූ එක් රෝගියෙකු හමුවීම යහපත් වුවත් එවැනි අයුරින් සුවය ලැබූ ආසාදිතයින් දෙදෙනෙකු හමුවීම තුළ විශාල බලාපොරොත්තුවක් ගැබ්වෙලා තිබෙනවා” යැයි වෛද්‍ය නටාලීයා ලොව්ෆර් ප්‍රකාශ කර තිබේ.

“අපි විශ්වාස කරනවා වෛරසය ආසාදනය වී සුවය ලද තවත් පිරිස් සමාජයේ ඇති කියා. මෙය HIV වෛරසය සම්බන්ධයන් සිදුකරනු ලබන පර්යේෂණවල විශාල පිම්මක්” බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

HIV වෛරසය ආසාදිත කාන්තාවගේ පළමු ස්වාමිපුරුෂයා එම වෛරසය ආසාදනය වීමෙන් 2013 වර්ෂයේදී ජිවිත්ක්ෂයට පත්ව තිබෙනවා.

නමුත් එම කාන්තාවගේ වත්මන් පෙම්වතා සහ අලුත උපන් බිලිඳා HIV ආසාදිතයින් නොවන බවයි වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ වී ඇත.

Exit mobile version