සෞඛ්‍ය අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරීන් ඉවත් කරමින් ගෙන යන නිලධාරි දඩයම දෙස තවදුරටත් නිහඬව බලා සිටීමට නොහැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසූහ.
ඉහළ නිලධාරීන්ගේ බංකොළොත්බාවය වසා ගැනීමට දක්ෂ නිලධාරීන් කොන් කර වෙනත් තැන්වලට මාරු කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්රය පරිහානියට පත් වන බව උන්වහන්සේ පැවසීය.
මෙම අසාධාරණ ක්‍රියාවලිය නවත්වන ලෙස වගකිව යුතු අංශවලට දැනුම් දී ඇති නමුදු එයින් ප්‍රතිඵලයක් ලැබී නොමැති බව පෙන්වා දෙන උන්වහන්සේ දැන් මේ අවනඩුව කිව යුත්තේ බි්රතාන්යයේ මහ රැජිනට බවද සඳහන් කළහ.