Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය එළිදැක්වෙයි

සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය එළිදැක්වෙයි

සංස්කරණය කළ හින්දු විශ්වකෝෂය එළිදැක්වෙයි

මහා ශිව රාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සම්පූර්ණයෙන් සංස්කරණය කරන ලද වෙළුම් 12 කින් සමන්විත හින්දු විශ්වකෝෂය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 9 වන දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එළිදැක්විණි.

හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 1988 දී ආරම්භ කළ හින්දු විශ්වකෝෂය නිර්මාණය කිරීම 2014 දී වෙළුම් දොළහ සම්පූර්ණ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවකට පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස හින්දු විශ්වකෝෂයේ වෙළුම් දොළහ සම්පූර්ණ කිරීමට අවැසි නායකත්වය දුන්නේය.

ඒ අනුව හින්දු විශ්වකෝෂයේ 12වැනි වෙළුමේ සංස්කරණ ඇතුළත් නවතම මුද්‍රණය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් පළමුව හින්දු පූජකතුමන්ලාට ප්‍රදානය කිරීම සිදුවිය.

එහිදී අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ආචාර්ය සුරේන් රාඝවන්, අංගජන් රාමනාදන්, එම් රාමේෂ්වරන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන්ට ද සංකේතාත්මකව හින්දු විශ්වකෝෂයේ නවතම සංස්කරණය පිරිනමනු ලැබුවේය.

ශ්‍රී ලංකාවේ හින්දු ආගමික කටයුතු වෙනුවෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යතුමා ඉටුකරන සුවිශේෂී කාර්යයභාරය මෙහිදී හින්දු පූජකතුමන්ලාගේ ඇගයීමට ලක්විය.

Exit mobile version