Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තවත් කෝටි 30,000ක ණය කන්දක් – කොන්දේසි පිළිබඳව කිසිවක් හෙළි නොකළ මුදල් හුවමාරු ණයක් චීනයෙන්

තවත් කෝටි 30,000ක ණය කන්දක් - කොන්දේසි පිළිබඳව කිසිවක් හෙළි නොකළ මුදල් හුවමාරු ණයක් චීනයෙන්

තවත් කෝටි 30,000ක ණය කන්දක් - කොන්දේසි පිළිබඳව කිසිවක් හෙළි නොකළ මුදල් හුවමාරු ණයක් චීනයෙන්

ආණ්ඩුව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය පියවා ගැනීම සඳහා ඩොලර් මිලියන 1,500ක ණය මුදලක් චීනයෙන් ලබාගැනීමට කටයුතු සුදානම් කෙරෙමින් පවතී. මෙය ලංකාවේ රුපියල්වලින් කෝටි 30,000කට ආසන්න මුදලකි.

චීනය සමග මුදල් හුවමාරු කිරීමේ වැඩසටහනක් වශයෙන් මෙම විදේශ විනිමය ප්‍රමාණය ලබා ගැනීමට නියමිතය. මෙම ණය මුදල ලබාගැනීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් වශයෙන් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. මෙම ණය මුදල සඳහා අඩු පොලියක් නියම කර ඇති බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

එහෙත් මේ වනවිට චීනයෙන් ලබාගන්නා වානිජ ණය සඳහා 7% ඉක්මවු පොලියක් ගෙවීමට සිදුවී තිබේ. මුදල් හුවමාරු ණය යටතේ මෙම ණය ලබාගන්නා බව සඳහන් කළද සාමාන්‍යෙයන් එම ක්‍රමය වෙනුවෙන්ද ඉහළ පොලී අනුපාතිකයක් ගෙවීමට සිදුවී තිබේ. ඉන්දියාව මුදල් හුවමාරු ක්‍රමය යටතේ ඩොලර් මිලියන 400ක ණයක් ලංකාවට ලබාදී තිබී පසුව එය ඉතා හදිසියෙන් නැවත අයකර ගනු ලැබීය.

මුදල් හුවමාරු ක්‍රමය යටතේ ණය ලබාගන්නා ලද බව සඳහන් කළද ණය දෙන රටේ දැඩි බලපෑම්වලට නතුවී ක්‍රියාකිරීමට සිදුවී ඇත. ඉන්දියාවේ අදානි සමාගමට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබා නොදීමට විරෝධය පළ කරමින් ඉහත සඳහන් කළ ඩොලර් මිලියන 400ක ණය මුදල ආපසු ලබාගත්තේය. මේ මොහොතේදී චීනයෙන්ද එවැනිම ණය මුදලක් ලබාගන්නා අතර ඉදිරිපත් කර තිබෙන කොන්දේසි පිළිබඳව කිසිවක් මේ දක්වා ලංකා ආණ්ඩුව හෙළිකර නැත.

-Lankatruth

Exit mobile version