Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ෆුල්ෆේස් හෙල්මට් තහනම ඉවතට

ෆුල්ෆේස් හෙල්මට් - full face helmat sri lanka

ෆුල්ෆේස් හෙල්මට් - full face helmat sri lanka

පර්යන්ත දැක්මට බාධාවක් නොවන ආකාරයට සම්පූර්ණයෙන් මුහුණ වැසෙන ආරක්ෂිත හිස්වැසුම්වලට (ෆුල්ෆේස් හෙල්මට්) පනවා ඇති තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරු පැදි හේතුවෙන් සිදුවන බව නිරීක්ෂණය වීමත් එවැනි අනතුරුවලදී සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම්වලින් යතුරු පැදිකරුවන්ට ආරක්ෂාව ලැබෙන බව පෙනී යාමත් නිසා මේ තීන්දුවට එළැඹීමට රජය සැරසෙන බව වාර්තා වේ.

යතුරු පැදියක් පදවන හෝ එහි නැගී යන සෑම තැනැත්තෙක්ම ආරක්ෂිත හිස්වැසුමක් පැළදිය යුතු අතර එම හිස්වැසුම පළදින්නා පහසුවෙන් හදුනාගත හැකි පරිදි මුහුණු ප්‍රදේශය විවෘතව තැබෙන්නක් විය යුතු බව 1991 – 1-11 දිනැති ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කොට තිබේ.

මේ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ රථවාහන කොට්ඨාසය 2015 වසරේදී උපදෙස් චක්‍රලේඛයක් නිකුත් කළ නමුත් එම චක්‍රලේඛය අධිකරණයේ අභියෝගයට ලක්කිරීම නිසා නියෝග ක්‍රියාත්මක වීම අත්හිටුවීමට සිදුවිය.

පසුව යතුරු පැදි ධාවකයන්ගේද අදහස් ඇතුළත් කොට නව නිර්දේශ සැකසීමට පියවර ගන්නා ලද නමුත් ඒ කාලවකවානුවේ රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ අර්බුදය නිසා මුහුණු ආවරණය වන හිස්වැසුම් පැළදීම තහනම් කිරීමට අදාළ නීති සම්පාදනය කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් හට උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් ප්‍රසිද්ධ ස්ථානවල මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීම තහනම් කිරීමට අදාළ නීති සැකසීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බැවින් යතුරු පැදිකරුවන්ගේ ආරක්ෂාව උදෙසා පර්යන්ත දැක්මට බාධාවක් නොවන ආකාරයට සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හිස්වැසුම් පැළදීමට ඉඩදිය යුතු බව

ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනා කොට තිබේ.

Exit mobile version