Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“මම ෆේල් නෑ. දැන් ඩබල් PhD කරන්නේ; මම කිසි වෙලාවකවත් පාස්කු ඉරිදා වික්කේ නෑ” – ජනපති ගෝඨාභය රාජපක්ෂ

"මම ෆේල් නෑ. දැන් ඩබල් PhD කරන්නේ; මගේ මැතිවරණයේදී මම කිසි වෙලාවකවත් පාස්කු ඉරිදා වික්කේ නෑ'' - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

ඇතැමුන් තමන් “ෆේල්” බව කීව ද, තමන් ෆේල් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෙනසුරාදා (මාර්තු 06) ප්‍රකාශ කළේය.

ජනාධිපති‍වරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල, ගිරිබාව,වේරගලදී පැවති ‘ගම සමග පිළිසඳරක්’ වැඩසටහනට සහභාගි වෙමිනි.

“සමහර අය කියනවා මං ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් හමුදාවේ රට වෙනුවෙන් වැඩ කළා යුද්ධ කළා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂක ලේකම්වරයා හැටියට අවුරුදු 30ක් තිබිච්ච යුද්දේ අවසාන කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ඒ ගෞරව උපාධිය, දැන් මේක බෝනස්. මේ ජනාධිපතිකමෙන් හම්බ වෙන්නේ බෝනස් මාක්ස් ඒකේ මම පාස් වෙලා හුඟක් කල්. ගෞරව උපාධිත් එක්කම දැන් ඩබල් පී.එච්.ඩී. එකට මේ වැඩ කරන්නේ,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ, තමන් පාස්කු ප්‍රහාරය විකුණමින් බලයට නොපැමිණි බවය.

“මමවත් මේ රජයවත් අපේ ආණ්ඩුව වත් පාස්කු ඉරිදා විකුණලා නෙමෙයි බලයට ආවේ. සමහර අය කියනවා පාස්කු ඉරිදා විකුණලා බලයට ආවා කියලා. පාස්කු ඉරිදා වික්කේ නෑ. මගේ මැතිවරණයේදී මම කිසි වෙලාවකවත් පාස්කු ඉරිදා වික්කේ නෑ.”

Exit mobile version