Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝටාභයට දේශපාලන පරිචය නෑ, මේ රට ගෙන දේශපාලන මතයක් එතුමාට තිබිය යුතුයි – වාසුදේව

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ දේශපාලන පරිචය නැති චරිතයක් බව ජල සම්පාදන ඇමති වාසුදේව නානයක්කාර පවසයි. මේ රට ගෙන යන්නේ කොතනටද යන දේශපාලන මතයක් ජනාධිපති ගෝටාභය රාජපක්ෂට තිබිය යුතු බව පවසන වාසුදේව ඇමතිවරයා ජනාධිපතිවරයා දේශපාලන මතයෙන් පෝෂණය විය යුතු බව අවධාරණය කරයි.

“අපි හැමෝම දන්නවා එතුමා ආරම්භයේදි දේශපාලන චරිතයක් නොවන බව. එතුමා පාලකයෙක් ලෙස පමණක් සිටියොත් පාලනයට අවශ්‍ය වන දේශපාලන පෝෂණය ලැබෙන්නේ නැ. මේ රට රැගෙන යායුත්තේ කොතැනටදැයි කියන දේශපාලන මතයක් එතුමාට තිබිය යුතුයි.” ඇමති වාසුදේව නානයක්කාර පවසයි.

සතිඅන්ත සිංහල පුවත් පතක් හා සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වා ඇති වාසුදේව නානයක්කාර ඇමතිවරයා ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සන්ධානයේ සභාපතිධුරය ලබා දුන්නා නම් ඔහු දේශපාලන කන්ඩායම් වල මතිමතාන්තර වලින් පෝෂණය වන බව පවසයි.

Exit mobile version