Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිජාස් හිස්බුල්ලා අභියාචනාධිකරණයට ගොනු කළ රිට් පෙත්සම ඉල්ලා අස්කරගනී

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

දින 500කට පසුවත් යුක්තිය අහිමි නීතීඥ හිජාස් : නීතීඥවරයෙකුගේ ඉරණම මෙය නම්, සාමාන්‍ය ජනතාව ගැන කුමන කතාද?

රැඳවුම් නියෝග මත රදවා සිටින තමාව වහාම මුදාහරින්නැයි පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අභියාචනාධිකරණය ගොනු කළ රිට් පෙත්සම (24) ඒ මහතා විසින්ම ඉල්ලා අස් කරගන්නා ලදි.

පාස්කු ඉරුදින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරු සමඟ සම්බන්ධතා පැවැත්වූයේ යැයි කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගැණිනි.

පෙත්සමෙන් ඉල්ලා ඇති සහනයන් ලැබීම හේතුවෙන් පෙත්සම ඉල්ලා අස්කර ගනු ලැබූ අතර ඒ අනුව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම රිට් පෙත්සම කැඳවනු ලැබිණි .

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා මේ වනවිට අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළේය. එබැවින් පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුනි.

නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති මෙහි නම් කරනු ලැබ සිටිති.

එසේම තමා තවදුරටත් රදවා තබා ගැනීමට අදාළව ඉකුත් ජනවාරි මස 11 වැනිදා ලබා ගන්නා ලද රැදවුම් නියෝගය බලරහිත කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

Exit mobile version