Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් – 19 එන්නත්කරන වැඩපිළිවෙළට බලපෑම්; උදේ ගන්න තීරණය රෑට කෝල් එකෙන් වෙනස් කරනවා – සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

"මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී" - කොරෝනා රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ

"මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී" - කොරෝනා රාජ්‍ය ඇමතිනි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් – 19 සඳහා වන එන්නත් කරන වැඩපිළිවෙලට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ගෙන් බලපෑම් එල්ලවන බවත් තාක්ෂණික කමිටුවෙන් ගත් තීන්දු සහ ජනාධිපති කාර්යසාදක බලකායෙන් ජනාධිපතිවරයා ලබා දුන් තීන්දු තිබියදී හදිසියේම රාත්‍රියේ දුරකථන ඇමතුම් ලබාදී අදාළ තීන්දු වෙනස් කරන තත්වයක් උද්ගතව ඇති බවත් තමන්ට රාජ්‍ය අමාත්‍යවරිය ලෙස කොවිඩ් පාලන වගකීම තිබුනද තමන්ව ඊට අදාළ රැස්වීම් පිළිබඳව දැනුවත් නොකරන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.

මෙලෙස එන්නත්කරන සිදු කළ නොහැකි බවත් ඒ සඳහා විදිමත් මාර්ගෝපදේශනයක් අවශ්‍ය බවත් රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කරයි.

Exit mobile version