ඉන්දියාව සමඟ ගැටුමක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී කිරීමට සැලසුම් කර තිබූ කතාව නැවැත්වීමට ශ්‍රී ලංකාව පියවර ගෙන ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
චීනයේ ණය උගුලක සිරවෙමින් සිටින මොහොතක, ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි බැවින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තුවේදී කිරීමට නියමිතව තිබූ කතාව නැවැත්වීමට පියවර ගත් බව එම පුවත් වාර්තාවේ සඳහන් ය.
‘ඉන්දියාව සමඟ ගැටුමක් ඇති වීම නැවැත්වීමට ශ්‍රී ලංකාව, ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තුව කතාව නවත්වයි’ යන අරුත් දෙන සිරස්තලය යටතේ දාර් ජාවේද් ‘කලම්බු ගැසට්’ වෙබ් අඩවියේ පළ කළ ලිපියක් උපුටා දක්වමින් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් වෙබ් අඩවිය ඒ බව වාර්තා කර ඇත.
ඉන්දියාව මෑතකදී ශ්‍රී ලංකාවට ‘කොවිඩ්-19’ එන්නත් මාත්‍රා ලක්ෂ පහක් පරිත්‍යාග කළ බවද එහි සඳහන් ය.