Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාකිස්තාන අගමැති රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් හමුව අවලංගු කරයි

පාකිස්තාන අගමැති ප්‍රධාන පෙළේ මුස්ලිම් නියෝජිතයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් හමුව අවලංගු කරයි

පාකිස්තාන අගමැති ප්‍රධාන පෙළේ මුස්ලිම් නියෝජිතයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් හමුව අවලංගු කරයි

මෙරට ප්‍රධාන පෙළේ මුස්ලිම් නියෝජිතයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් හට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා හමුවීමට ලබා දී තිබූ වේලාවන් අවසන් මොහොතේ අවලංගු කොට ඇති බව වාර්තා වේ.

හකීම් සහ බදුර්දීන් මහත්වරුන් මීට දින කිහිපයකට ඉහතදී මෙරට පිහිටි පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයෙන් ඉම්රාන් ඛාන් මහතා සමග සාකච්ජා කිරීම සදහා අවස්ථාවත් ඉල්ලා තිබූ අතර එම ඉල්ලීමට අනුව ඔවුන් ඒ සදහා වෙලාවන් ලබා දීට පියවර ගෙන තිබිණ.

කෙසේවෙතත් මේ වනවිට පාකිස්තාන මහකොමසාරිස් කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ එම සාකච්ජාවන් අවලංගු කිරීමට සිදුව ඇති බවකි.

ඒ සදහා හේතු දැක්වීමක් කර නොමැති නමුත් ඉහළින් ආ බලපෑමක් හේතුවෙන් මෙම සාකච්ජා අවලංගු කිරීමට සිදුව ඇති බව දැනගන්නට තිබේ.

Exit mobile version