Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උගුලට හසුවූ දිවියා පැන යයි – ගම්වැසියන් බියෙන් පසුවෙති

උගුලට හසුවූ දිවියා පැන යයි - ගම්වැසියන් බියෙන් පසුවෙති

උගුලට හසුවූ දිවියා පැන යයි - ගම්වැසියන් බියෙන් පසුවෙති

බොගවන්තලාව පොලිස් වසමට අයත් සෙෆල්ටන් වත්ත සීමාවෙහි අටවා තිබූ උගුලකට හසුවී සිට එහි කම්බි කඩා දමමින් එයින් බේරී පලා ගිය දිවියෙකු නිසා එම වත්තෙහි සිටින පදිංචිකරුවන් බියෙන් සිටින බව ප්‍රදේශවාසීන් පවසති.

බොගවන්තලාව ඉහළ කොටස වත්තෙහි චීනාගොල්ල සීමාවෙහි දළු කැඩීමට ගිය කම්කරුවන් දිවියෙකු උගුලට හසුවී දඟලමින් සිටිනු දැක ඇත. මෙම පුවත නල්ලතණ්ණි වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.

නමුත් වනජීවීන් පැමිණීමට පෙරම දිවියා එම උගුලෙන් කමිබි කඩාගෙන පැන ගොස් ඇත. එම සතාගෙන් ඉදිරියට අනතුරු සිදුවිය හැකි යැයි ප්‍රදේශවාසීන් බියෙන් පසුවෙති.

පසුගිය දින කිහිපයක සිට ප්‍රදේශයේ සිටන සුනඛයන් අල්ලාගෙන යන බවත්, තේවතුවල දිවියන් සැරිසරන බවත් මේ පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කළ බවත් මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක්වත් ගෙන නොමැති බවත් පැවසූහ. ඔවුන් මර බියෙන් වැඩ කිරීමට සිදුව ඇති බවත්, මේ පිළිබඳව අදාල බලධාරීන් සොයා බැලිය යුතු බව ඔවුන් පවසති.

Exit mobile version