Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව,රාජපක්ෂලාව බලයට ගෙනාවේ ඉන්දියාව – ඩිලාන් පෙරේරා

රනිල්, බැසිල් ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුනා - ඩිලාන් පෙරේරා

රනිල්, බැසිල් ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වුනා - ඩිලාන් පෙරේරා

පසුගිය 15 වන දින හිරු රූපවාහිනී නාළිකාවේ “සලකුණ” දේශපාලන සංවාදයට සහභාගි වූ ඩිලාන් පෙරේරා ඇමතිවරයා ද පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව සිටින බව පිළිගත්තේය.

මෙම වැඩසටහනේ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

2019 වසරේ රාජපක්ෂවරුන් බලයට රැගෙන ආවේ ඉන්දියාව බවත්, ඉන්දියාව සහ ඇමරිකාව එකට කටයුතු කරන බවත් කියා සිටියේය.

පසුගිය දවසක ඉන්දියානු ආණ්ඩු පක්ෂය වන BJP පක්ෂය නායකයෙක්, ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ BJP ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව තම පක්ෂයේ සැලසුමක් ප්‍රසිද්ධ රැස්වීමක හෙළි කළේය.

පාස්කු ප්‍රහාරය ඇමෙරිකාව සහ ඉන්දියාවේ සැලසුමක් බවත්, රාජපක්ෂවරුන් බලයට රැගෙන ඒම සඳහා ඔවුන් එය දියත් කළ බවත්, බරපතළ සාකච්ඡාවක් රට තුළ නිර්මාණය වී ඇති අවස්ථාවක රජයේ ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ එම අදහස පිලිගත් ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකිය හැක.

Exit mobile version