Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොරෝනා බෝවීම ගැන සෞඛ්‍ය අංශ තුළම පරස්පර වෙනස් අදහස්

"කොරෝනා නව ප්‍රභේදය ගැන අපට කරන්න දෙයක් නෑ" - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

"කොරෝනා නව ප්‍රභේදය ගැන අපට කරන්න දෙයක් නෑ" - නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

නොකඩවා තුන්වන දිනයටත් 900කට අධික කොරෝනා ආසාදිතයන් නිළ වශයෙන් හඳුනාගත්තද රට තුළ කොරෝනා ව්‍යාපතිය පාලනයෙන් ගිලිහී නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

තවද මාධ්‍ය හමුවේ විශේෂ හෙළිදරවුවක් කළ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ශ්‍රි ලංකාවේදි වෛරසය බෝ වෙන්නේ ආසාදිතයාගෙන් තවත් එක් පුද්ගලයෙකුට පමණක් බව සෞඛ්‍ය අංශ විසින් නිරීක්ෂණය කළ බව පවසයි. කොරෝනා වෛරසය එක් පුද්ගලයෙකුගෙන් කිහිප දෙනෙකුට බෝ වෙනවා නම් දිනපතා හමුවන ආසාදිතයන් ප්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් වැඩි විය යුතු බව ඔහු පවසයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගේ අදහසට ප්‍රතිවිරුද්ධ අදහසක් දරණ රජයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් පසුගිය දින කිහිපය තුළ කොළඹින් පිට ප්‍රදේශවලින් හමුවන ආසාදිතයන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්ය.

Exit mobile version