Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාස්කු ප්‍රහාරය: “දඩයම කරපු කෙනා පේනවා කර ගහගෙන යනකොට” – නලින් හේවගේ

දඩයම කරපු කෙනා පේනවා කර ගහගෙන යනකොට - නලින් හේවගේ

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ සිරස සටන දේශපාලන සංවාද වැඩසටහනේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඉහත අදහස පළ කර සිටියේය.

2013 අවුරුද්දේ සහරාන් ඇතුළු 27කට පඩි කිව්වේ එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවත්, පාස්කු ප්‍රහාරය පිළිබඳව වැදගත්ම සාක්ෂියක් වන සහරාන් ගේ දුරකථනය ඇමෙරිකාව සන්තකයේ පවතින බවත්, කටුවාපිටිය බෝම්බකරු ගේ බිරිඳ ඉන්දියාවේ සිටින බවත්, එම ප්‍රබල සාක්ෂිය ලංකාවට ගෙන්වා ගැනීමට කිසිදු උත්සාහයක් මේ වන තෙක් අරගෙන නොමැති බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය. පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් සමාජයටවත් සිංහල සමාජයටවත් එක්සත් ජාතික පක්ෂයට හෝ ජනතා විමුක්ති පෙරමුණට වත් කිසිදු වාසියක් නොලැබුණු බවත්, සහරාන් පවා සම්පූර්ණයෙන් විනාශ වී ඔවුන්ට ද කිසිදු වාසියක් නොලැබී ගිය බවත්, මෙයින් දේශපාලන වාසිය ලබාගත්තේ එකම එක කණ්ඩායමක් බවත් ඔහු පවසා සිටියේය.

දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමේ වාර්තාව ලැබුණු සැනින්, මාස තුනක් තුළ නිර්දේශ කළ පුද්ගලයින්ට දඬුවම් ලබා දීමට තවත් කොමිසමක් කඩිනමින් පත් කළ බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම් වාර්තාවට එවැනි කඩිනම් විසඳුම් ලබා නොදුන් බවත් එසේ ලබා දීමට ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් තිබෙන බවට පෙනෙන්නට නැති බවත් ඔහු පැවසීය.

වරාය වැනි ජාතික දේපල විකිනෙද් දී මහසොන් බලකාය වැනි කණ්ඩායම් එයට විරුද්ධව කිසිදු සටනක් ගෙන නොගිය බවත්, මහසොන් බලකායෙහි වඳ කොත්තු ඇතුළු සියලු ජාතිවාදී ප්‍රචාරණයන් නව ආණ්ඩුවත් සමග නැති වී ගියේ එම ප්‍රචාරණයේ අරමුණ වන ආණ්ඩු පිහිට වීම යන ඉලක්කය සපුරා ඇති බවත් ඔහු පවසා සිටියේය.

Exit mobile version