Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෲඩියා සිලනිකා ශාකය එදා සහ අද – ඩෝසර් කිරීමෙන් පසු ශාකය මිය යමින් පවතීද?

කෲඩියා සිලනිකා ශාකය එදා සහ අද - ඩෝසර් කිරීමෙන් පසු ශාකය මිය යමින් පවතීද?

කෲඩියා සිලනිකා ශාකය එදා සහ අද - ඩෝසර් කිරීමෙන් පසු ශාකය මිය යමින් පවතීද?

සමාජයේ දැඩි ලෙස කතාබහට ලක්වී ඇති ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවූ කෲඩියා සිලනිකා ශාකය පිහිටා ඇති පරිසර පද්ධතිය මේ වන විට දැඩි ලෙස විනාශයට පත්වී තිබේ. එම පරිසර පද්ධතිය මීට පෙර සහ දැන් පවතින තත්ත්වය සටහන් වී ඇති ඡායාරූප ඔස්සේ ඒ බව පැහැදලිව නිරීක්ෂණය කළ හැකිය.

අදාළ ශාකය පිහිටා ඇති ප්‍රදේශය සංරක්ෂිත ප්‍රදේශයක් බවට පත් කර එම ශාකයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවට පරිසරවේදීහු ඉල්ලා සිටියහ.
මේ පිළිබඳව අපි වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතාගෙන් විමසීමක් කළෙමු.

ඒ මහතා සඳහන් කළේ, කෲඩියා සිලනිකා ශාකය පිහිටා ඇති පරිසර පද්ධතිය සැලකිය යුතු මට්ටමකට විනාශ වී ඇති බවය.

ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ සංසදයේ නියෝජිතයන් දෙදෙනෙකු ගිය බවත් ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ ශාකයේ පත්‍ර යම් දුඹුරු පැහැ ගැන්වීමක් දක්නට ලැබෙන බවටය. ඒ හේතුවෙන් මෙම “ශාකය මිය යමින් පවතින බවට සැකයක් පවතින බව,” ද ඒ මහතා අවධාරණය කළේ ය.

“එතන ඔක්කොම වටේ ඩෝසර් කරලනේ තියෙන්නේ. එතන පද්ධතිය සැලකිය යුතු ප්‍රමාණයකට විනාශ වෙලා තියෙනවා. මම නම් නිරීක්ෂණය කළේ නෑ මේ වෙලාවේ ගිහිල්ලා, නමුත් අපේ නියෝජිතයෝ දෙන්නෙක් ගියා. ඒගොල්ලන් කියනවා ගහේ යම් යම් පත්‍රවල දුඹුරුවීමක් දකිනවා කියලා. ඉතින් අපිට ඒකෙ පොඩි සැකයක් තියෙනවා ගහ මිය යමින් පවතිනවා ද කියලා. හැබැයි ඒක ස්ථිරව ම කියන්න බැහැ. නමුත් ගහ නිකන් පොඩි වෙනසක් පේනවා.”

තවත් කෲඩියා සිලනිකා ශාක හමු වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද ඒ මහතා අදහස් පළ කළේ ය.

“නෑ, ඒක අපි නම් දන්නේ නැහැ. දැන් අර පැළ හදපු කෙනෙක්ගේ පින්තූර අපි දැක්කා. නමුත් ඒක හරියට ම බලන්න ඕනේ මේ ඇට වලින් ම කළා ද කියන එක. ගම්පහ ම පොඩි ස්ථාන 6ක මේ ගස් තියෙනවා කියලා RDA එකෙන් දැනුම් දීමක් කරලා තියෙනවා නිල නොවන වශයෙන් අපිට. අපි දන්නේ නෑ ඒවා කවුද අඳුන ගත්තේ කියලා ඒවා මේ ගස් ම ද කියලා බලන්න.

දැනට හැබැයි recorded ගහ නම් මෙයා විතරයි. තව ගස් තියෙන්න පුළුවන්. බැරි නැහැ. නමුත් පර්යේෂකයෝ නම් වාර්තා කරලා තියෙන්නේ මේක විතරයි දැනට. මේකෙත් පොඩි පැළ දෙකක් තිබ්බා එතන. ඒකෙන් අපි එකක් (9) හොයා ගත්තා. අනික හොයා ගන්න අපහසුයි. ඒක විනාශ වෙලා ද කියන්න දන්නේ නැහැ. තව තියෙන්න පුළුවන්. ඒත් අපිට නිල තොරතුරක් නම් ලැබිලා නැහැ.”

මේ කෲඩියා සිලනිකා ශාකයත් එය ඇති පරිසර පද්ධතියත් එදා පැවති ආකාරය සහ අද පවතින ආකාරය පහත ඡායාරූපවලින් සංසන්දනාත්මකව දැකගත හැකිය.

– MB

Exit mobile version