Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අවුරුදු 30 – 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා එන්නත් මාර්තු පළමු සතියේ සිට

කොරෝනා එන්නත බලෙන් ගන්න යයි, ඇමතිවරයෙක් ජාතික රෝහලට පැනී

කොරෝනා එන්නත බලෙන් ගන්න යයි, ඇමතිවරයෙක් ජාතික රෝහලට පැනී

මාර්තු පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 – 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඒ අනුව මධ්‍යස්ථාන 4000ක් ඒ සඳහා සැලසුම්කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී කියා සිටියාය.

එම මධ්‍යස්ථානවලින් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වන ආකාරයට එක් මධ්‍යස්ථානයකින් 300කට එන්නත් ලබාදීමට බලාපොරොත්තු වන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය,

“ඒ අනුව දිනකට ලක්ෂ 6ක ජනතාවකට අපිට හැකියාව ලැබෙනවා එන්නත් ලබාදෙන්න. මේ වෙන කොට 160,000 දීමේ දී විශාල අතුරු ආබාධ කිසිවක් වාර්තා වෙලා නෑ. හැබැයි ඕනෑම එන්නකට අතුරු ආබාධයක් එන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟ ඒකට ප්‍රතික්‍රියා දක්වනවා කියන එක. මොකද ඇඟට බාහිර යමක් ඇතුළු වුණොත් වෛරසයක් හෝ බැක්ටීරියාවක් ඇඟ ප්‍රතික්‍රියා දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස උණ, ඇඟපතේ වේදනාව ඇති වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. අපි මාර්තු මාසයේ පළමු සතියේ මේ එන්නත්කරණය ආරම්භ කරනවා. ඒ සඳහා ඔබතුමන්ලා සුදානම් වෙන්න. ප්‍රමුඛතා ලැයිස්තු හදලා තියෙනවා ඒ අනුව කටයුතු කරනවා.“

Exit mobile version