Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආපදා අවස්ථාවන්හිදී ආදා­යම අහිමි වන්නන්ට ආර­ක්ෂණ අර­මු­ද­ලක් – කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනවා - නිමල් සිරිපාල ද සිල්වා

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරනවා - නිමල් සිරිපාල ද සිල්වා

කොවිඩ් වසංගතය වැනි ආපදා අවස්ථාවන්හිදී රට වසා තබන හෝ වෙනයම් හදිසි ආපදා අවස්ථාවකදී රැකියා ආදායම අහිමිවීම වෙනුවෙන් විශේෂ රැකවරණ වන්දි ක්‍රමයක් මේ වසර තුළදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සිළුමිණට කීය.

බොහෝ විදේශ රටවල එවන් ආකාරයේ රැකියා ආදායම් අහිමිවන්නන්ට විශේෂ ආරක්ෂණ රැකවරණයක් ඇති බවත් කොවිඩ් වසංගතය හමුවේ එසේ ආදායම් අහිමි වූවන්ට ඔවුන් ලබන සාමාන්‍ය වැටුපෙන් 80%ක පමණ ප්‍රමාණයක් පසුගිය වසංගත සමයේදී ලැබී ඇතැයිද ඇමැතිවරයා පැවසුවේය.

මේ ආරක්ෂණ වන්දි ක්‍රමය යටතේ එවන් විශේෂිත හේතුවක් මත මෙරට ජනතාවගේද රැකියා ආදායම අහිමි වුවහොත් එම ආදායමෙන් 70%ත් 80ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වන පරිදි එම ක්‍රමවේදය ස්ථාපිත කරන බවද ඇමැතිවරයා පැවසුවේය.

මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) සමඟ සාකච්ඡා කර මෙරටට සුදුසු ක්‍රමවේදය පිළිබඳව තීරණයක් ලබාගන්නා බවද ඔහු අවධාරණය කෙළේය.

එහිදී ස්ථිර රැකියා, කොන්ත්‍රාත් පදනම යටතේ මෙන්ම දෛනික ආදායම් ලබන සේවකයන්ද මෙම ආරක්ෂණ ක්‍රමය යටතේ ආදායම් ලැබීමට සුදුස්සන් වන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. පෞද්ගලික අංශයේ ලක්ෂ 35කට අධික සේවකයන් මෙන්ම දෛනික ආදායම ලබන ලක්ෂ 10කට අධික සේවක පිරිසක්ද මේ යටතේ ආරක්ෂා වනු ඇත.

Exit mobile version