Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘අපේ ණය මුදල වහා ගෙවනු’ ඉන්දියාව ලංකාවට දැනුම් දේ – චීනය අත දමයි, සංචිත තවත් හිදෙයි..

'අපේ ණය මුදල වහා ගෙවනු' ඉන්දියාව ලංකාවට දැනුම් දේ - චීනය අත දමයි, සංචිත තවත් හිදෙයි..

'අපේ ණය මුදල වහා ගෙවනු' ඉන්දියාව ලංකාවට දැනුම් දේ - චීනය අත දමයි, සංචිත තවත් හිදෙයි..

ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවෙන් ලබාගන්නා ලද ඩොලර් මිලියන 400 ක ණය මුදල කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් දැනුම් දීමෙන් පසු, ණය මුදල ගෙවා දමා ඇති බව වාර්තා වේ.

කෙටි කාලීන ණය පහසුකමක් ලෙස ඉන්දීය රජයෙන් ලබා ගත් මෙම ණය මුදල ගෙවීම සඳහා තවත් මාස කිහිපයක සහන කාලයක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තුවෙන් සිට ඇත.

නමුත් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට නොදීමට ගත් තීරණයෙන් පසු ඇතිවූ තත්ත්වය මත ඉන්දීය රජය විසින් එම ණය මුදල වහාම ඉල්ලා සිටියේය.

ඒ හේතුව මත එම මුදල මෙරට සංචිතවලින් ගෙවා දැමීමට කටයුතු කිරීමෙන් සංචිත තව දුරටත් පහල බැස තිබේ.

චීන මහ බැංකුව වෙතින් ශ්‍රී ලංකා මහ බැංකුය වෙත ඩොලර් මිලියන එක්දහස් පන්සීයක ණය පහසුකමක් ලබා දීමට තීරණය කර තිබේ. මෙරට ඇති වී තිබෙන විදේශ සංචිත හිගය කළමනාකරණය කර ගැනීම සඳහා කෙටි කාලීන ගෙවීම් පහසුකම යටතේ මෙය ලබාදීමට නියමිතය.

ඇති වූ විදෙස් මුදල් හිගය චීනයෙන් ඩොලර් මිලියන 1500ක මුදලක් ලැබීමත් සමගින් සමනය වනු ඇත.

Exit mobile version