Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දෙමළ ජනතාවට අයිති ඉඩම් අත්පත් කරගනිමින් නිදහස උදුරා ගනිද්දී නිදහස් දිනය සැමරීමෙන් ඵලක් නෑ – මාවෛ සේනාධීරාජා

දෙමළ ජනතාවට අයිති ඉඩම් - මාවෛ සේනාධීරාජා

දෙමළ ජනතාවට අයිති ඉඩම් - මාවෛ සේනාධීරාජා

දෙමළ ජනතාවගේ පාරම්පරික ඉඩම් උදුරාගෙන දෙමළ කතා කරන ජනයාගේ මූලික අයිතිවාසිකම් වළකාලමින් නිදහස නැතිකරන සිංහල ජාතිවාදී රජයේ ක්‍රියාවන් මධ්‍යයේ ලංකාවේ නිදහස් දිනය සැමරීමෙන් කිසිදු ඵලක් නැත. එනිසා නිදහස් දින සැමරුම් ආරාධනයන් තමන් පිළිගන්නේ නැති බව ඉලංගෛ තමිළරසු පක්ෂයේ නායක මාවෛ සේනිධිරාජා පවසා සිටියේය.

උතුරු නැගෙනහිර දෙමළ ඉඩම්වල, සිංහල ජාතිවාදී රජය පුරා විද්‍යා ප්‍රදේශ වශයෙන් නම් කරගෙන සිදුකරන ආක්‍රමණයන් වැඩිවෙමින් පවතී.

එක් පසෙකින් යුද හමුදාව සිදු කරන ඉඩම් අයිතිකර ගැනීම් සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතී. තවත් පැත්තකින් පාරම්පරික උරුමයන්, දෙමළ අනන්‍යතාවයන් යන්න සැළසුම් සහගත ලෙස විනාශ කොට සිංහලකරණය සිදුවෙමින් පවති. මෙවැනි තත්වයක දෙමළ ජනයාගේ අයිතීන්, නිදහස උදුරාගන්නා රටක අපිට සතුටින් නිදහස සමරන්න බෑ යන්න අපගේ ස්ථාවරයයි.

එමනිසා මෙම වතාවේ නිදහස් දින සැමරුම් සඳහා ආරාධනයන් ලැබුවත් අපි කිසිවෙක් සහභාගී නොවෙමු. එදින උතුරේ පැවැත්වීමට නියමිත අපගේ අයිතීන් සඳහා වන උද්ඝෝෂණයට අප සහභාගී වෙමින් අපගේ ජනයාගේ සාධාරණය, ඉඩම් අයිතිය, භාෂණ නිදහස යනාදිය වෙනුවෙන් හඩක් නැගීමේ වගකීම තමාට ඇති බවද පවසා සිටියේය.
-වීරකේසරි

සිවිල් ගැටළුවට හමුදා ක්‍රමයට විසඳුම් සෙවීම ගැලපෙන්නේ නෑ. – විරුද්ධ පක්ෂය විමසයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව අගමැති රාජපක්ෂ මෙතෙක් තම මතය ප්‍රකාශ කර නැත. එබැවින් වහාම ඔහු තම මතය රටට හෙළි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අවධාරණය කළේය.

කොළඹ පිහිටි විරුද්ධ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය. තවදුරටත් අදහස් දක්වමින්,

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජය මෙතෙක් පැහැදිලි ස්ථාවරයක් ඉදිරිපත් කර නැහැ. පාලක පක්ෂයේ විවිධ මත දරන්නන් අදහස් ඵල කරමින් ගෝඨාභය රජය වරාය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ තීරණය ගෙන ඇති බව තොරතුරු හෙළි වී ඇත.
එමෙන්ම අපරාධ පරීක්ෂණ අංශයේ බොහෝ අය එම සේවාවේ යෙදවීමටද ඇති බව හෙළි වී ඇත. සිවිල් ගැටලුවකට එයට ගැළපෙන පරිදි විසඳුම් සෙවිය යුතුයි. මෙය හමුදාවේ ස්වරූපයෙන් විසඳුම් සෙවීම නොගැලපෙන බව ඔහු සඳහන් කර සිටියේය.

Exit mobile version