Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අතිශය රහසිගතයි: පාස්කු වාර්තාවේ රහස් සලකුණු 8ක්

අතිශය රහසිගතයි: පාස්කු වාර්තාවේ රහස් සලකුණු 8ක්

අතිශය රහසිගතයි: පාස්කු වාර්තාවේ රහස් සලකුණු 8ක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරනු ලැබූ ජනාධිපති විමර්ශන කොමිසම මගින් ඉදිරිපත් කරනු ලැබූ අවසන් වාර්තාවේ පිටපත් 8ක් පමණක් මුද්‍රණය කර ඇති බවත්, එම පිටපත් 8ට වෙනවෙනම රහස් සලකුණු 8ක් යොදා ඇති බවත් වාර්තා වේ.

ඊට හේතුව වී ඇත්තේ මෙම වාර්තාවේ අතිශය රහසිගත බුද්ධිමය තොරතුරු ඇතුළත් පරිච්ජේදයක් ඇතුළත්ව තිබීමය.

යම් හෙයකින් එම රහසිගත බුද්ධි තොරතුරු සමාජගත වුවහොත් ඒවා පිටවූයේ කුමන කුමන පිටපතකින්ද යන්න සොයා ගැනීමට පහසු වීම පිණිස මෙසේ අදාළ පිටපත් 8ට වෙන වෙනම රහසිගත සලකුණු තබා ඇති බවද පැවසේ.

ඉන් එකක් ජනාධිපතිවරයා වෙතද, තවත් පිටපතක් නීතිපතිවරයා වෙතද, එක් පිටපතක් ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව වෙතද, ඉතිරි පිටපත් 5 කොමිසමේ සාමාජිකයන් වෙතද ලබා දී ඇති බව දැනගන්නට ඇත.

– MR

Exit mobile version