Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම පදනම් කර ගෙන ජිනීවාහි ක්‍රියාත්මක වීමට සූදානම් – බ්‍රිතාන්‍ය, කැනඩාව

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම පදනම් කර ගෙන ජිනීවාහි ක්‍රියාත්මක වීමට සූදානම් - බ්‍රිතාන්‍ය, කැනඩාව

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම පදනම් කර ගෙන ජිනීවාහි ක්‍රියාත්මක වීමට සූදානම් - බ්‍රිතාන්‍ය, කැනඩාව

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් නිකුත් කර ඇති වාර්තාව ඉතා වැදගත් එකක් බව සඳහන් කර ඇති බ්‍රිතාන්‍ය සහ කැනඩාව, ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම තහවුරු කිරීම පදනම් කරගෙන පියවර ගැනීමට සිටින බව ප්‍රකාශ කර ඇත.

ජිනීවාහි ලබන පෙබරවාරි මස 24 වන දින ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සමුළුවෙහිදී ලංකාව පිළිබඳවූ පිටු 16 කින් යුතු වාර්තාවක් මිච්චෙල් පච්ලේ විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් වූ බ්‍රිතාන්‍ය නියෝජිත ජූලියන් බ්‍රයිත් වෙයිට් තම ට්විටර් පණිවුඩයෙහි තම රටේ මෙම ස්ථාවරය සඳහන් කර ඇත. තවද කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මාර්ක් කානේද තම ට්විටර් පිටුවෙහි තම රටේ ස්ථාවරය සඳහන් කරමින් ශ්‍රී ලංකාව පිළිබඳව කටයුතු කරන ආකාරය සඳහන් කර තිබුණේය.

-image :wikimedia

Exit mobile version