Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර උණුසුම්කාරී වේයි

තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර උණුසුම්කාරී වේයි

තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර උණුසුම්කාරී වේයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය තරුණයකුගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගොස් දිනකට පසු කොවිඩ් යැයි කියා සෞඛ්‍ය අංශ එම දේහය රැගෙන යෑමට උත්සාහ දැරීමත් සමග මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශය (21) අතිශයින් උණුසුම්කාරී විය.

මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අවිවාහක තරුණයකු හදිසියේ රෝගාතුරව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත්තේ මීට දින දහයකට පෙරය. අදාළ තරුණයා අක්මාවේ ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දිනෙන් දින රෝගය උත්සන්න වී ඔහු ඉකුත් 20 දා මියගොස් ඇත. පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල ඔහුගේ දේහය ඥාතීන්ට භාර දී තිබේ.

ඒ අනුව මියගිය තරුණයාගේ දේහය මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට එදින සවස ගෙනා ආ අතර 21 වැනිදා එම නිවසට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එය කොවිඩ් ආසාදිත දේහයක් බව පවසමින් ආපසු රැගෙන යෑමට සූදානම් වී තිබේ.

එම අවස්ථාවේ මියගිය තරුණයාගේ ඥාතීන් හා හිතවතුන් එයට දැඩි ලෙස විරෝධය පා ඇති අතර සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශයේ ජනතාව අතර දැඩි කැළඹීමක් ඇති විය. ප්‍රදේශවාසීන් දේහය සෞඛ්‍ය අංශ වෙත භාරදිය යුතු බව පවසා සිටි අතර ඥාතීන් එම තීරණය එක හෙළා විරුද්ධ වූහ.

ඒ වන විට ජනතාව විශාල සංඛ්‍යාවක් එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිට ඇති අතර මෙම සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශවාසීහු තම නිවෙස්වලින් පිටට නොගොස් නිවෙස් තුළට වී දොර ජනෙල් වසා සිටියහ. මේ හේතුවෙන් ඊයේ දින නීරම්මුල්ල ගම්මානය හුදකලා කළ ගම්මානයක් ලෙස දිස් වූ අතර පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.

අවසානයේ ගොකරැල්ල පොලිසියේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ගෙන්වා දේහයට පාංශුකූලය ලබා දීමෙන් පසු එම දේහය සෞඛ්‍ය අංශ වෙත නැවත භාරදීමට ඥාතීහු පියවර ගත්හ.

එම සිදුවීම ඉබ්බාගමුව සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය වාර්තා කලේ මෙලෙසින් :

කොරෝනා ආසාදනය වී නැති බව තහවුරු කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් ඥාතීන්ට භාර දුන් මිය ගිය අයෙකුගේ සිරුරක් නිවසට රැගෙන ගොස් භූමදානය කිරීමට සූදානම් කර තිබියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් එම සිරුර ඔවුන්ගේ භාරයට ගෙන මැල්සිරිපුර ආදාහනාගාරයේදී ආදාහනය කළ බව ඉබ්බාගමුව සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය පවසයි.

මැල්සිරිපුර, නීරම්මුල්ල ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී 20 වන දා සවස මියගොස් ඇති අතර ඔහුට කර තිබූ PCR පරීක්ෂණ වාර්ථාව ලැබීමට පෙර ඥාතීන්ට සිරුර භාර දී ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති.

රෝහලේ ප්‍රතිකාර ලැබූ මොහුගේ PCR පරීක්ෂණ වාර්තාව 21 වන දා පෙරවරුවේ ගොකරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට ලැබීමත් සමග නිවසට රැගෙන ගොස් භූමදානය කිරීමට සූදානම් කර තිබූ සිරුර මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් හා පොලිසියේ නිලධාරින් කරුණු පැහැදිලි කිරීමෙන් පසු සෞඛ්‍ය බලධාරීන් භාරයට ගෙන එදින ම සවස ආදාහන කටයුතු කළ බව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

මිය ගිය අයට කොරෝනා ආසාදිත බව තහවුරු වීමත් සමග එම ප්‍රදේශයේ පාසල් දෙකක්, පෙර පාසල් දෙකක්, වෙළෙඳසල් හතක්, වසා දැමීමට කටයුතු කළ අතර අවමංගල්‍යය සඳහා සහභාගි වූ 175 කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට සිදුව ඇති බව ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

Exit mobile version