Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමනළ වැව ජලාශයට හානි සිදුවිය හැකිව තිබූ නීතිවිරෝධී හුණුගල් ව්‍යාපාරයක් හසුවෙයි

පල්ලෙබැද්දේ කොස්වැටිය කන්දේ නීතිවිරෝධී හුණුගල් ව්‍යාපාරයක් හසුවෙයි

පල්ලෙබැද්දේ කොස්වැටිය කන්දේ නීතිවිරෝධී හුණුගල් ව්‍යාපාරයක් හසුවෙයි

සමනළ වැව ජලාශයට හානි සිදුවිය හැකිව තිබූ පල්ලෙබැද්ද කොස්වැටිය කන්දේ හුණුගල් කැඩීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් හා එම කැණීම් සඳහා යොදාගත් උපකරණ ද හා වාහන ද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශ්‍ය විසින් කළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ භු කම්පන සිදුවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව බලංගොඩ ප්‍රදේශයේ පොළව යට සිදු කෙරෙන ඇතැම් ගැඹුරු කැණීම් හා වෙඩි බෙහෙත් යොදා සිදු කරන පිපිරවීම් භූ කම්පනයකට හේතුවිය හැකි බව පෙන්වා දී තිබු අතර එවන් ස්ථාන පිළිබඳ බලංගොඩ ප්‍රදේශයේ කළ සොයාබැලීම්වල දී මෙම ස්ථානය හමුවී ඇත.

වෙනත් ස්ථානයක හුණුගල් කැණීම සඳහා ගත් බලපත්‍රයකින් මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ අනුව ඔහු ගේ බලපත්‍රය වහාම අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන් බවත් භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසීය.

පල්ලෙබැද්ද, කොස්වැටිය කන්දේ කරගෙන යමින් සිටි මෙම නීති විරෝධී හුණුගල් කැණීම්පොළ හමුවී ඇත්තේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව කළ වැටලීමක දීය.

මෙම කැණීම් කටයුතු එම කන්දේ මීටර් 150ක් පමණ පළලට හා මීටර් 80ක් පමණ ගැඹුරට කන්ද අභ්‍යන්තරයට සිදු කර තිබු අතර වැටලීම සිදුවන විටත් එම කැණීම් සිදු කරමින් තිබු දැවැන්ත කුහරය තුළ මිනිසුන් 20ක් පමණ හා ටිපර් රථ හා ට්‍රැක්ටර් රථ ද හුණුගල් පටවමින් තිබු බව ද සභාපතිවරයා කීය.

එමෙන්ම ජෙනරේටරයක් මගින් බල උත්පාදනය කර තිබු බවත්, අධිබල පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් මෙම ජෙනරේටරය අසළ තිබු බැවින් කිසියම් ගිනි ගැනීමක් සිදු වුයේ නම් විශාල පුපුරායාමක් සමඟ මුළු කන්දම පහත්වීමට ඉඩ තිබු පවත් කී ඔහු එමගින් අවට පරිසරයට හා ජනතාවට විශාල බලපෑමක් කළ හැකි මට්ටමේ භූ කම්පනයක් ඇතිවීමට පවා ඉඩ තිබු බව ද පෙන්වා දුන්නේය.

එවැන්නක් සිදුවූයේ නම් සමනළ වැවට ද බලපෑමක් එල්ල කළ හැකිව තිබු බව වැටලීම් කණ්ඩායම විසින් තහවුරු කරන ලදැයි කී වල්පොල මහතා
එහි කැණිම් සිදු කර තිබු ආකාරය දෙස බලන විට වෙඩි බෙහෙත් පුපුරා යාමක් සිදු නොවුනත්,
කන්ද අභ්‍යන්තරයේ කැණීම් ස්වභාවය අනුව කන්ද කඩා වැටීමේ අවදානමක් ද තිබු බවත් එවැනි දැවැන්ත කන්දක් කඩා වැටීමේ දී ඇතිවන පීඩනය නිසා අනිවාර්යෙන්ම බලපෑමක් කළ හැකි මට්ටමේ භූ කම්පනයක් පවා සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ අන්දමින්ම ජර්මනියේ සිදු වු කැණීම් නිසා කන්දක් කඩා වැටීමෙන් පසු රිච්ටර් මාපක අංක 5.2 ඉක්මවු භුමිකම්පාවක් වාර්තා වී ඇති බව විශේෂඥ වාර්තාවේ සඳහන්වූ බව ද සභාපතිවරයා කීය.

බලංගොඩ හා ඒ අවට තවත් එවැනි ස්ථාන තිබේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තමන් වෙත උපදෙස් දුන් බවත් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූලව පියවර ගැනීමට කටයුතු යොදා ඇති බවත් වල්පොල මහතා තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version