Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්‍රහස්පතින්දා සිට සංචාරකයින්ට රට විවෘතයි – සංචාරක ඇමති

බ්‍රහස්පතින්දා සිට සංචාරකයින්ට රට විවෘතයි - සංචාරක ඇමති

බ්‍රහස්පතින්දා සිට සංචාරකයින්ට රට විවෘතයි - සංචාරක ඇමති

ජනවාරි මස 21 වන දින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් – 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතයුතු සියලු පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

(18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ, සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක්ව පත්ව ඇති පීඩාව සලකා බලා බවය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, දිනකට සංචාරකයින් උපරිමය 2500ක් මෙරටට ගෙන්වීමට බලාපොරොත්තු වන බවය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ, සභාපති, ක්‍රිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසා සිටියේ, සංචාරකයින් මෙරටට ගෙන්වීම දී ප්‍රධාන කරුණු තුනක් කෙරෙහි අවධානය යොමුකළ යුතු බවය.

“ඒ අයට තියෙන්න ඕනේ හෝටල් බුකින් එකක් SAFE AND SECURE හොටෙල් එකක. දෙවැනි දේ ඒගෝලලන් ගෙවන්න ඕනේ ඉන්ෂුවරන්ස් එකකට අමෙරිකානු ඩොලර් 12යි මාසයකට. ස්පෙෂල් කොවිඩ් ඉන්ෂුවරන්ස් පීසීආර් ටෙස්ට් එකක් කරන්න ඕනේ පැය 96කට ඉස්සෙල්ල ප්ලේන් එකට නගින්න ඉස්සෙල්ලා.“

මේ අතර, කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත සංචාරක ක්ෂේත්‍රය හා සම්බන්ධ හෝටල් සහ සේවා සපයන්නන් සඳහා “Safe & Secure” සහතිකය ලබාදීමට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය කටයුතු කර තිබේ.
ප්‍රකට ස්වාධීන විගණන සමාගමක් වන KPMG සමාගම එම ආයතන විගණනයට ලක්කර ඇති බව ද සඳහන් වේ.

එම සහතිකය නිකුත්කර ඇත්තේ QR කේතයක් ද සමගිනි.

එසේ සහතික කළ සේවා සපයන්නන් තමාට ලැබුණු සහතිකය දේශීය හෝ විදේශීය සංචාරකයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි හෝ ස්ථානවල ප්‍රදර්ශනය කළ යුතු බවද ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය පවසයි.
ඒ අනුව “Safe & Secure” සහතිකය ලත් සංචාරක හෝටල් 55ක තොරතුරු ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
“Safe & Secure” සහතිකය ලබාදී ඇති හෝටල් සහ සේවා සපයන්නන්ගේ තොරතුරු පහත දැක්වෙන වෙබ් යොමුව (Link) එක ඔස්සේ ලබාගත හැකිය.

අදාළ වෙබ් යොමුව මෙසේය, shorturl.at/hCKUX

සංචාරක අමාත්‍යාංශය විසින් මේ පිළිබඳ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Exit mobile version