Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

‘හදපු එක්කෙනා එපාය විවෘත කරන්න. එන්න ඔබතුමා මේක විවෘත කරන්න’- ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිට ආරාධනා

‘හදපු එක්කෙනා එපාය විවෘත කරන්න. එන්න ඔබතුමා මේක විවෘත කරන්න’- ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිට ආරාධනා

‘හදපු එක්කෙනා එපාය විවෘත කරන්න. එන්න ඔබතුමා මේක විවෘත කරන්න’- ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිට ආරාධනා

“ගම සමග පිළිසඳර” 6 වන අදියර (16) පොළොන්නරුව, මැදිරිගිරිය, බිසෝපුර, වෙඩිකච්චිය ගම්මානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණි.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අලුතින් ස්ථාපිත කෙරුණු මෙම ගම්මානයේ ජනතාව දැඩි ලෙස පිඩා විඳින වනඅලි ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
ප්‍රථමයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැදිරිගිරිය මහවැලි ප්‍රාථමික විද්‍යාලයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමට එක් විය.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කළේය.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් හා රොෂාන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

අනතුරුව ජනතාව ජනාධිපතිවරයා වෙත සිය ප්‍රශ්න ඉදිරිපත් කිරීම ආරම්භ විය.

ගම්වැසියෙක් – “අපේ අලිවැට ගැමුණුපුර සිට දහම්වැව හරහා අග්බෝපුර දක්වා ඉදිකර තිබෙනවා. නමුත් ඒ අලිවැට මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින්නේ. ඒ අලිවැටේ විදුලිය සක්‍රීය කරලා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලන්නේ.”

නිලධාරියෙක් – “ඒ ඉල්ලපු වෙනස්කම කරන්න සැලසුම් කරලා තියෙන්නෙ.”

ගම්වැසියෙක් – “වත්මන් අගමැතිතුමා හිටපු කාලේ 2013 ගල්පොත්ත අයිනෙන් අලිවැට ගැහුවා. ඒක පහුගියකාලේ හිටපු නිලධාරියෙක් හිතුවක්කාර ලෙස සම්පූර්ණයෙන් අයින් කලා.”

නිලධාරියෙක් – “ඒක, ගහලා තියෙන අලිවැට මායිමේ ගහලා තියෙන්නේ. නමුත් දැන් ඒකෙදි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඒක ගලවලා ඒක පස්සට කරන්න පියවර ගන්නම්.”

ගම්වැසියෙක් – “පරම්පරා ගණනක් අපි ගවයින් තමයි ඇති කළේ. දැනට වනජීවි එකේ නිලධාරී මහත්තුරු කියනවා අපි ගවයින් තියාගෙන හිටපු තැනින් සතියක් ඇතුළත අපේ හරක් අරගෙන යන්න කියලා. ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට වැඳලා අපි කියන්නේ, අපිට රැකී රක්ෂා එපා. කොතනක හරි අපේ හරක් ටික රැකගෙන ජීවත්වෙන්න හදලා දෙන්න.”

නිලධාරියෙක් – “කිරිගොවීන් දාන්න තැන් හොයලා තියෙනවා. කන්දකාඩු ප්‍රදේශයේ අක්කර 3750ක්.”

ජනාධිපතිවරයා – “දැන් මේ අය කොහොමද එච්චර දුර යන්නේ.”

නිලධාරියෙක් – “හරක් හිටියාම වෙන්නේ. උලා කෑම නිසා අලින්ට තියෙන කෑමටික නැතිවෙනවා. අලි එළියට බැහැලා..අලි ප්‍රශ්නය වැඩි වෙලා තියෙනවා. හරක් කුරවලට වතුර බොර වුණාම අලි ඒ වතුර බොන්නේ නෑ.”

ජනාධිපතිවරයා – “දැනට මේ අයට ඉඩ දෙන්න. ඊට පස්සේ බලන්න මොකක්ද කරන්න පුළුවන් කියලා. ඒ ප්‍රදේශයෙන්ම තෘණ භූමියක් හොයා ගන්න පුළුවන්ද බලන්න.”

Exit mobile version