Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

යාපනය මුල්ලිවයිකල් අනුස්මරණ ස්මාරකය බිඳ දැමීම – රජයේ තීරණයක් නොවේ

යාපනය මුල්ලිවයිකල් අනුස්මරණ ස්මාරකය

යාපනය මුල්ලිවයිකල් අනුස්මරණ ස්මාරකය

යාපනය විශ්ව විද්‍යාල අනුස්ම ස්මාරකය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් රජයට කිසිදු සම්බන්ධයක් නැති බවත් මේ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් රජය ගෙන නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ ය.

කැබිනට් මණ්ඩල යෝජනා දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී යාපනයේ විශ්ව විද්‍යාලයේ මුල්ලිවයිකල් අනුස්මරණ ස්මාරකය ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එවැනි ස්මාරක උතුරේ පමණක් නොව ලංකාවේ අනෙකුත් විශ්ව විද්‍යාල වලද දක්නට ලැබේ. මෙම ස්මාරකය කඩා දැමීම රජයේ තීරණයක් ද? යන පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා, ස්මාරකය කඩා දැමීමට තීරණය කර ඇත්තේ විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සහ විශ්වවිද්‍යාල පරිපාලනය විසින් බවත් එය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

විශ්ව විද්‍යාල තුළ තිබිය යුතු දේ තීරණය කළ යුත්තේ උපකුලපතිවරයා සහ එහි පරිපාලනය විසිනි. මෙම පදනම මත එය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් තීරණය කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධ යෙන් අගමැතිගේ ප්‍රකාශය වැදගත් ය. මෑතකදී පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දී ඇත්තේ ඔහු රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයා ලෙස කටයුතු කරන නිසා බවත් ඔහු මෙහිදී පවසා සිටියේය.

tamil.adaderana;lk

Exit mobile version