Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රන්ජන් රාමනායකට වසර 4කට බරපතළ වැඩසහිත සිර දඩුවම්

පා.ම රන්ජන් රාමනායකට වසර 4කට බරපතළ වැඩසහිත සිර දඩුවම්

පා.ම රන්ජන් රාමනායකට වසර 4කට බරපතළ වැඩසහිත සිර දඩුවම්

විනිසුරුවරුන් දුෂිතයින් බව පවසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක වරදකරු බවට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 04 සිර දඬුවමක් නියම කරනු ලැබු තිබෙනවා.

රංජන් රාමනායක මන්ත්‍රීවරයා ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙසේ සිර දඬුවම් නියම වූ මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

Exit mobile version