Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආදාහන ප්‍රශ්න: රමේෂ් පතිරණ බොරු කියූ බව හිටපු විදේශ ලේකම් තහවුරු කරයි

ආදාහන ප්‍රශ්න: රමේෂ් පතිරණ බොරු කියූ බව හිටපු විදේශ ලේකම් තහවුරු කරයි

ආදාහන ප්‍රශ්න: රමේෂ් පතිරණ බොරු කියූ බව හිටපු විදේශ ලේකම් තහවුරු කරයි

කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ භුමදාන-ආදාහන ප්‍රශ්නය පිළිබඳව හිටපු විදේශ ලේකම් සහ වර්තමාන ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ මහතා විදේශ අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇත.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ අවාසනාවන්ත ලෙස මේ ප්‍රශ්නය දැන් දේශපාලනයකරණය වී ඇති බවත් එය විසඳුමක් සොයා ගැනීමට බාධා කරන බවත්ය. මුස්ලිම් ජනතාවගේ සංස්කෘතියට ගරු කරමින්, මෘතදේහ මාලදිවයිනට යැවීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති සහ අගමැති සාකච්ඡා කළ බව ඔහු සඳහන් කරයි.

හිටපු විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාගේ මේ ප්‍රකාශයත් සමඟ සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මාලදිවයිනට මෘතදේහ යැවීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය බොරුවක් බව යළිත් තහවුරු වෙයි. මීට සති 02කට පෙර මෙම ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ දී රමේෂ් පතිරණගෙන් විමසූ විට ඔහු කීවේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව එවැනි කිසිදු උත්සාහයක් නොගත් බවයි. නමුත් මාලදිවයින් විදේශ අමාත්‍යවරයාගේ twitter පණිවිඩ හරහා කරුණු තහවුරු වූයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මාලදිවයින් රජයෙන් එවැනි ඉල්ලීමක් සිදුකළ බවයි.

Exit mobile version