Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අපි ඉන්නේ බෝම්බයක් උඩ, දිනකට 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු පරීක්ෂණ 10,000ට බස්සලා – GMOA

අපි ඉන්නේ බෝම්බයක් උඩ, දිනකට 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු පරීක්ෂණ 10,000ට බස්සලා - GMOA

අපි ඉන්නේ බෝම්බයක් උඩ, දිනකට 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු පරීක්ෂණ 10,000ට බස්සලා - GMOA

කොරෝනා ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ ධාරිතාව මේ වන විට අසාමාන්‍ය ලෙස පහත බැස ඇති බවත්, වෛරස ආසාදිතයන් ගණන අඩුකරගන්නේ පරීක්ෂණ අඩු කිරීමෙන් නම් එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

පරීක්ෂණ අඩුවෙන් සිදු කර රෝගීන් ගණන අඩු කරගන්නේ නම් එය බෝම්බයක් උඩ සිටීමක් හා සමාන බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම කියා සිටියේය.

දිනකට පරීක්ෂණ සංඛ්‍යාව 20,000 දක්වා ඉහළ නංවා ගත යුතු බවට දැනුම් දී තිබිය දී මේ දිනවල එය දහදාහටත් අඩු මට්ටම පහත වැටී ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

හැකිතාක් පරීක්ෂණ තවදුරටත් ඉහළ නංවමින් රෝගීන් හඳුනා ගත යුතු බවත් නැතහොත් ඉදිරියේ දී ආසාදිතයන් තවත් වැඩි විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

Exit mobile version