Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

83 කළු ජූලිය ප්‍රභාකරන් නිර්මාණය වීමට බලපෑවා සේ අළුත්ගම, දිගන සිදුවීම් සහරාන්ලා නිර්මාණයට හේතුවුනා – අලි සබ්‍රි

"මේක අමූලික බොරුවක්"- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

"මේක අමූලික බොරුවක්"- පොලිසියට නීතිඥයන් බඳවා ගැනීමේ චොදනා අලි සබ්‍රි ප්‍රතික්ශේප කරයි

හිට්ලර්ගේ ජාතිවාදී ප්‍රකාශ සහ අප‌ේ රටේ ඇතැම් ජනමාධ්‍ය ප්‍රකාශ කරන දෑ අතර කිසිදු වෙනසක් නොමැති බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

ජාතින් අතර එකමුතුකම, දයාව ඇති කරලීම සඳහා පාර්ලිමේන්තුව යොදා ගත යුතු බවත් එය වෛරය, ආගම් සහ ජාතින් අතර භේද පැතිරවීමට තෝතැන්නක් වීම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් හෙතෙම කියා සිටියේය.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට නිතිය ක්‍රියාත්මක විය යුතු බවත් එය සිදුකිරීම රජය වගකීම බවත්, ඊට සම්බන්ධ නොවු පුද්ගලයින්ට කිසිදු හානියක් සිදුනොකිරීමට ද වැදගත් බවත් මෙහිදී අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේය.

ජාති භේද පැතිරවීම සඳහා ඇතැම් මාධ්‍ය විසින් සිදුකරනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් ද අධිකරණ අමාත්‍යවරයා දැඩි ප්‍රහාරයක් එල්ල කළ අතර මුස්ලිම් විවාහ නිතිය වෙනස් කිරීමට තමන් කටයුතු කරන බවත් විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද මෙහිදී අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

Exit mobile version