Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නිදහස්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නිදහස්

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නිදහස්

ලෝක ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම සම්පූර්ණ කර තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා නීති රෙගුලාසිවලින් ඉවත් වන අතර සංචාරක, වෙළෙඳ කටයුතු සහ ආගමන විගමන සදහා නව ක්‍රමවේද ක්‍රියාත්මකවීම ආරම්භ විය.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා පවසන්නේ “නිදහස අපේ අතේ” බවත් ඉදිරියේදී ඇතැම් දේ වඩා වෙනස් සහ නියමාකාරයෙන් සිදුකිරීමේ හැකියාව තම රට සතුව පවතින බවත් ය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසන්නේ එක්සත් රාජධානිය තවදුරටත් මිතුරෙකු සහ පාර්ශවකරුවෙකු ලෙස සළකන බවය.

කෙසේවෙතත් නව නීති රෙගුලාසි ක්‍රියාත්මකවීම ඇරඹීමත් සමඟ ම ඉදිරි සති කිහිපයේදී යම් අවහිරතා මතුවනු ඇති බවට ද බ්‍රිතාන්‍ය අමාත්‍යවරු පවසා තිබේ.

2016 වසරේ සිට බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට අපේක්ෂා කළ අතර ඒ වෙනුවෙන් ජනමතවිචාරණයක් ද පැවැත්විණි.

Exit mobile version