Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිවරයාට උපදෙස් දෙන ප්‍රබල අදෘෂ්‍යමාන බලවේගයක් සිටිනවා – බන්දුල ගුණවර්ධනගෙන් හෙළිදරව්වක්

නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් ඉන්නවා – බන්දුල

නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් ඉන්නවා – බන්දුල

ජනාධිපතිවරයාට උපදෙස් දෙන ප්‍රබල අදෘෂ්‍යමාන බලවේගයක් සිටින බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන පවසයි. සතොස සීනි සහ පොල්තෙල් බදු වංචාව හෙළිවීමෙන් පසු රට තුළ ඇති වූ ආණ්දෝලනයත් සමග බන්දුල ගුණවර්ධන ඇමතිවරයා යම් ප්‍රමාණයකට ජනාධිපතිවරයා සහ ඒ වටා සිටින පිරිස් සම්බන්ධයෙන් විවේචනාත්මක මත පල කිරීමට පටන්ගෙන තිබේ.

එහි එක් අවස්ථාවක් වශයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දෙන අදෘෂ්‍යමාන බලවේග සිටිනවා යැයි සතිඅන්ත පුවත්පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයා හෙළිකර තිබේ. එම සාකච්ඡාවේදී ඔහු විවේචනාත්මකව අදහස් දැක්වූ අවස්ථා මෙසේය.

“මම වෙළඳ ඇමතිවුනාට ආර්ථික මධ්‍යස්ථාන මට නැහැ. වෙළඳ ඇමතිට අදාල විශයයන් ඉවත් කරලා.” “නායකයන්ට ප්‍රසස්ති ගයන වන්දිබට්ටකම් කරන ආවතේවකම් කරන ‘අපේ ලොවට පායන හිරුද සඳුද ඔබය’ කියලා කියන වලල්ලක් තියෙනවා.” “අයවැය ලේඛනයෙන් අමාත්‍යාංශයට මුදල් වෙන් කිරීම ගැන ඇහුවේ මගෙන් නෙවෙයි. අමාත්‍යංශ ලේකම්ගෙන්. මා එක්ක කිසිම සාකච්ඡාවක් කළේ නැහැ.” “හුඟදෙනෙක් කතා කරන්නේ නැහැ. ඇමතිකම නැතිවෙයි කියලා” ආදී වශයෙන් විවේචනාත්මක මත ගණනාවක් පල කර තිබේ.

Exit mobile version