Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“මම නොදන්න මගේ ඉල්ලා අස්වීම ! අනේ අපේ රටේ මාධ්‍ය සදාචාරය !“ – අධිකරණ ඇමති අලි සබ්රි ධූරයෙන් ඉල්ලා අස්වූ බවට කරන ලද වර්තාවට ප්‍රතිචාර

අපරාධ, වාණීජ සහ සිවිල් නිතී 60ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක්

අපරාධ, වාණීජ සහ සිවිල් නිතී 60ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කමිටු තුනක්

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් සිදුකර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අමාත්‍යවරයා උපුටා දක්වමින් “නිවුස්ෆස්ට්” වාර්තා කර තිබෙනවා. “ලංකා නිවුස් වෙබ්” පුවත් වෙබ් අඩවිය විසින් දෙසැම්බර් 29 දින පළ කර තිබූ වාර්තාවක සඳහන් වූයේ භූමදානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය මත පදනම්ව අමාත්‍යවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වන බවයි. අමාත්‍යවරයා විසින් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කළ ද ජනාධිපතිවරයා විසින් එය භාරගෙන නොතිබූ බව ද එම වාර්තාවේ සඳහන්.

එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ ආදාහනය කිරීම ගැන මුස්‌ලිම සමාජය තුළ දැඩි විරෝධයක් මතුව තිබෙන අතර එම තත්ත්වය මත ඇමතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි. එසේම මුස්‌ලිම් සමාජය සම්බන්ධයෙන් මෙලෙස කටයුතු කිරීම නිසා ඔවුන් අතර විශාල කලකිරීමක් ඇතිව තිබෙන බවත් මෙය ආයුධයක් කරගනිමින් පීඩාවට පත් තරුණයින් යම් කිසි තැනකට තල්ලු වීමේ අවධානමක් පවතින බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ‘රාවය’ පුවත්පතට ප්‍රකාශකර තිබූ බව ද එම වාර්තාවේ සඳහන්ව තිබුණි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට පක්ෂපාති ‘ජාතික බලවේග’ වලින් දැඩි විරෝධයක් එල්ලවී තිබු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබූ අතර අලි සබ්‍රි අමාත්‍යවරයාට අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන්ද දැඩි බලපෑමක් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා කර තිබුණි.

මේ අතර අමාත්‍ය අලි සබ්රි සිය ෆේස්බුක් ගිණුමේ ද උපහාසාත්මක සටහනක් තබමින් මෙසේ සටහන් කර ඇත.

Exit mobile version