Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාව රජයට භාර දෙයි – රජය ලබන සතියේ පිළිතුරක් යවනු ඇත

එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳව චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

එක්සත් රාජධානියේ මානව හිමිකම් පිළිබඳව චීන යෝජනාවට ශ‍්‍රී ලංකාවද අත්සන් තබයි

මාර්තු මාසයේ ජිනීවා හි පැවතීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී, මානව හිමිකම් කවුන්සිලයේ, හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ වූ සවිස්තර වාර්තාවක් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ පිළිතුර ජිනීවා වෙත යැවීමට ලබන සතියේ කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට භාර දීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සමඟ කොළඹ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත හනාසිංගර් මේ බව පවසා ඇත.

පොදුවේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මානව හිමිකම් කවුන්සිලයේ අදාළ සැසිවාරය ළඟා වෙත්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් හෝ එහි සිටින නියෝජිතවරයෙක් රටක් පිළිබඳ වාර්තාවක් අදාළ රටට ඉදිරිපත් කරනු ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල, එය සති දහයකට පමණ පෙරම රජයට භාර දෙන ලදී.

වාර්තාව සභාවට ඉදිරිපත් කරන විට, ශ්‍රී ලංකා රජය ඊට දක්වන ප්‍රතිචාරයේ තොරතුරු ලබන සතියේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයාට භාර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

-තිනක්කුරළ්

Exit mobile version