Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේශීය නිමි ඇඳුම් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගැනීමට ආනයනික නිමි ඇඳුම්වලට බද්දක්

දේශීය නිමි ඇඳුම් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගැනීමට ආනයනික නිමි ඇඳුම්වලට බද්දක්

දේශීය නිමි ඇඳුම් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගැනීමට ආනයනික නිමි ඇඳුම්වලට බද්දක්

ලබන අප්‍රේල් මස 01 වනදා සිට ආනයනික නිමි ඇදුම් සඳහා බදු මුදලක් අය කිරීමට කටයුතු කරන බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන රාජ්‍ය අමාත්‍යවරයා,

“අප්‍රේල් මාසේ පළවෙනිදා ඉඳලා ලංකාවට පිටරටින් ගේන නිමි ඇඳුම් සඳහා අපි විශේෂ බද්දක් හඳුන්වා දෙන්න බලාපොරොත්තුවෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දේශීය නිමි ඇඳුම් ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගැනීම. තත්වයෙන් බාල නිමි ඇඳුම් ලංකාවට ගෙනඒම සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. රුපියල් 200 මිල රුපියල් 450 දක්වා විතර වැඩි වෙන බදු ක්‍රමයක් තමයි බලාපොරොත්තු වෙන්නේ,” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙරට නිමි ඇඳුම්වල මිල ඉතා අධික ලෙස ඉහළ යනු ඇතැයි එම කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයෝ සඳහන් කරති.

Exit mobile version