Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භූගත ජලය මගින් පාලමුනෛ ප්‍රදේශයේ කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් රෝහලට එරෙහිව මහජන හිරිහැර නඩුවක්

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භූගත ජලය මගින් පාලමුනෛ ප්‍රදේශයේ කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් රෝහලට එරෙහිව මහජන හිරිහැර නඩුවක්

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ භූගත ජලය මගින් පාලමුනෛ ප්‍රදේශයේ කොවිඩ් වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් රෝහලට එරෙහිව මහජන හිරිහැර නඩුවක්

පාලමුනෛ රෝහලේ පිහිටුවා ඇති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටකරන අපජලය හේතුවෙන්, භූගත ජලය දූෂණය වී වෛරසය පැතිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින්, “කුරළ්හළ්(Voices Movement)” සංවිධානය රෝහලට එරෙහිව අක්කරෛපත්තු අධිකරණයේ මහජන හිරිහැර කිරීම් යටතේ නඩුවක් ගොනු කර තිබේ.

රෝහල අවට ජීවත් වන පෙත්සම්කරුවන් පස් දෙනෙකු එක්ව මෙම නඩුව පවරා තිබේ. මෙම අපජලය බැහැර කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකසන තුරු රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබේ.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ රෝහල් අපද්‍රව්‍ය හේතුවෙන් භූගත ජලය දූෂණය වේ යැයි තමන් බියට පත්ව සිටින බවත් ප්‍රදේශයේ වෙසෙන අනෙක් අයට ද කොවිඩ් ආසාධනය විය හැකි බවත්, මේ සඳහා උසාවිය හරහා සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත්ය.

කුරළ්හළ් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, කොවිඩ් ආසාදනයෙන් මියගිය අයගේ සිරුරු පුළුස්සා දැමීමට එරෙහිව මහාධිකරණයේ ගොනු කර ඇති මූලික මානව හිමිකම් නඩුවට එරෙහිව විශේෂඥයන් දස දෙනෙකු විසින් ගොනු කරන ලද භූගත ජල දූෂණයට අදාළ දිවුරුම් ප්‍රකාශ පදනම් කරගෙන මෙම නඩුව ගොනු කර ඇති බවයි.

දිවුරුම් ප්‍රකාශ ලබාදුන් විශේෂඥයන් දස දෙනා ගෙන්වා ඔවුන්ගෙන්ද සාක්ෂි ලබා ගත යුතු බවද වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව මෙම නඩුවේදී, අදාළ විශේෂඥයින්ට අක්කරෛපත්තු උසාවියට ගොස් සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස රෝහල්භාර වෛද්‍ය නව්ෆල්, ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය අකිලන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සුහුනන් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ලතාහරන් යන අය නම් කර ඇත.

පාලමුනෛ රෝහල පමණක් නොව රටේ තවත් බොහෝ රෝහල්වල රෝගී අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විශේෂ විධිවිධාන නොමැති බව සැලකිය යුතු කරුණකි.

Exit mobile version