Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජපානයේ ට්විටර් (Twitter) ඝාතකයාට මරණ දඬුවම!

ජපානයේ ට්විටර් (Twitter) ඝාතකයා

ජපානයේ ට්විටර් (Twitter) ඝාතකයා

ජපානයේ ට්විටර් ඝාතකයා ලෙස හැඳින්වූ පුද්ගලයාට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.

තකාහිරෝ සිරායිෂී යන 29 හැවිරිදි තරුණයා, කාන්තාවන් 8ක් ඇතුළු 9 දෙනෙකු ඝාතනය කළ හේතුව මත අත්අඩංගුවට ගෙන තිබිණි.

ට්විටර් ඝාතකයා ලෙස ජපානයේ විරුදාවලිය ලත් ඔහු 2017 වර්ෂයේ ට්විටර් ගිණුමක් ආරම්භ කර එහි තමාගේ පෞද්ගලික තොරතුරුවල ” ඇත්තවශයෙන්ම වේදනාවෙන් සිටින අයට මා උදව් කිරීමට කැමැත්තෙමි. කරුණාකර ඔබට උදව්වක් අවශ්‍ය ඕනෑම මොහොතක මා වෙත පණිවිඩයක් යොමු කරන්න ” යනුවෙන් සඳහන් කර තිබුණි.

මේ අනුව ඔහුට සම්බන්ධ වූ කාන්තාවන් 8 දෙනෙකු ඔහු ඝාතනය කර ඇති නමුත් කෙසේ ඝාතනය කළේ දැයි හෙළිදරව් වූයේ නැත. තවද තම පෙම්වතිය සමඟ ආරවුල් ඇති කර ගත් පුද්ගලයෙක්ව ද ඔහු ඝාතනය කර ඇත.

එක්තරා තරුණ කාන්තාවක් අතුරුදහන් වූ තත්ත්වයක ඇය ගැන විමර්ශනය කරන අවස්ථාවේදී සිරායිෂී සම්බන්ධ තොරතුරු ආරක්ෂක අංශවලට දැනගන්නට ලැබී ඇත. ටෝකියෝ නගරය ආසන්නයේ පිහිටි ජූමා නගරයේ පිහිටා ඇති ඔහුගේ නිවසට ආරක්ෂක අංශ ඇතුළු වූ අවස්ථාවක කැබලිවලට කපන ලද ශරීර කොටස් ඔහුගේ නිවසෙන් සොයා ගත් පසු සිරායිෂිව අත්අඩංගුවට ගෙන ඔහුට විරුද්ධව ටෝකියෝ අධිකරණය නඩු ගොනු කරන ලදී. අධිකරණයේ තමාට විරුද්ධව ඇති චෝදනා ඔහු විසින් පිළිගැනීම හේතුවෙන් සිරායිෂිට ඊයේ දින ටෝකියෝ අධිකරණ විනිසුරු විසින් මරණ දඬුවම නියම කරන ලදී.

Exit mobile version