Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

බලහත්කාරයෙන් ආදාහනය කිරීම පිළිබඳ අවසන් තීරණයක් ඉක්මනින් ගත යුතුයි: දෙමළ ජාතික සන්ධානය

දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉන්දීය රජයට ලිපියක්

දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් ඉන්දීය රජයට ලිපියක්

කොවිඩ් නිසා මිය යන මුස්ලිම්වරුන්ගේ මරණ භූමදාන කිරීම සම්බන්ධයෙන් තීරණයක් හැකි ඉක්මනින්ම ගත යුතු බව දෙමළ ජාතික සන්ධානය (TNA) පවසා තිබේ.
පාර්ලිමේන්තුවේදී පැවති සන්ධාන මන්ත්‍රීවරුන්ගේ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

“සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සිටින අයගේ මතය අනුව, දේහය භූමදානය කිරීමේ කිසිදු හානියක් නොමැත. ඒ මත පදනම්ව, කොවිඩ් නිසා මියගිය අයගේ සිරුරු භූමදාන කිරීමට ලෝකයේ බොහෝ රටවල අවසර ලබා දී ඇත,” යනුවෙන් සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

රජය මුස්ලිම් නායකයන් සමඟ සාකච්ඡා කර යුක්තිය ගරුක කඩිනම් තීරණයකට එළඹිය යුතු බවත්, ආගමික හේතු මත මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ ජනාසා භූමදාන කිරීමට ඉඩ නොදීම ඔවුන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියහ.

Exit mobile version