Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

දේවස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල වන බව WhatsApp ඔස්සේ ප්‍රචාර සිදුකළ පුද්ගලයෙක් අත්අඩංගුවට

යාපනයේදී කඩ හිමිකරුවෙකුට පහරදී පැන ගිය මැර කල්ලියෙන් කෙනෙකු හමුදාවෙන් අල්ලයි

යාපනයේදී කඩ හිමිකරුවෙකුට පහරදී පැන ගිය මැර කල්ලියෙන් කෙනෙකු හමුදාවෙන් අල්ලයි

දේවස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල වන බවට WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කඳාන ප්‍රදේශයේ දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා පැවසීය.

පෙරේදා (19) දිනයේ දී කඳාන ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් එම WhatsApp පණිවිඩය යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉරිදා දිනයේ දී පල්ලි ආශ්‍රිතව පැවැත්වෙන දේවමෙහෙයන්වලට සහභාගී නොවන ලෙසත් පල්ලි ආශ්‍රිතව යම් පිපිරීමක් සිදුවීමට නියමිත බවත් එම පණිවිඩයේ සඳහන් ව තිබී ඇත.

එම අසත්‍ය ප්‍රවෘත්තිය නිර්මාණය කළ වයස අවුරුදු 31ක් වු වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලික ආයතනයක ගණකාධිකාරීවරයෙක් ලෙස සේවය කරන අයෙකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

සැකකරු අද (21) දිනයේ අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලාපොරොත්තු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version