Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

(Video) ‘ගංජා තියෙන එකක් දීලා මාව photo ගැහුවා’ – ධම්මික පැණිය නිසා දේශීය වෛද්‍ය ඇමතිට ජීවිතෙත් එපා වෙලා

ධම්මික පැණිය නිසා දේශීය වෛද්‍ය ඇමතිට ජීවිතෙත් එපා වෙලා

ධම්මික පැණිය නිසා දේශීය වෛද්‍ය ඇමතිට ජීවිතෙත් එපා වෙලා

කොවිඩ් මර්ධනය කළ හැකි බව කියමින් කෑගල්ලේ ධම්මිකගේ පැණිය ප්‍රවර්ධනය කිරීමට මුලදී විශාල කාර්යයභාර්යක් කළ දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමතිවරයා මේ වනවිට මාධ්‍යවේදීන්ට මුහුණ නොදී දුරකථනයද විසන්දි කර ඇති බව ඔහුම හෙළිකරයි.

කොරෝනා පැණිය මාධ්‍යයට හඳුන්වා දීමේදී සෞඛ්‍ය ආමාත්‍යයරියට සහ කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවට ගෙනයනලද්දේද දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි විසිනි.

රාජ්‍ය ඇමතිවරයා මෙහි සඳහන් කරන පරිදි ඔහුට යම් පුද්ගලයෙකු කුරුළු බිත්තර කටු සහ ගංජා යොදා සකස්කරන ලද පැණියක්ද ලබාදී ඇති අතර පසුගියදා සෞඛ්‍ය ඇමතිවරියට, පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රී සහ ඇමතිවරු පිරිසකට පොවන ලද්දේ එම, කුරුළු බිත්තර කටු සහ ගංජා යොදා සකස්කරන ලද පැණියදැයි මේ වනවිට කතාබහක් ඇතිවෙමින් තිබේ.

Exit mobile version