Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ප්‍රංශයේ තනතුරු වලට බඳවා ගැනීමේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය උල්ලංඝනය කරොත් දඩ

ප්‍රංශයේ උසස් තනතුරුවලට කාන්තාවන් පත්කලොත් දඩ

ප්‍රංශයේ උසස් තනතුරුවලට කාන්තාවන් පත්කලොත් දඩ

ප්‍රංශයේ උසස් තනතුරුවලට වැඩියෙන් කාන්තාවන් පත් කලේ නම් දඩ

පමණ ඉක්මවා අධික ලෙස කාන්තාවන් ඉහළ තනතුරුවලට බඳවා ගැනීම සම්බන්ධයෙන් පැරිස් නගර නිලධාරීන්ට ඩොලර් 110,000 (රුපියල් ලක්ෂ 205.5) ක දඩ මුදලක් නියම කර තිබේ.

පැරීසිය 2018 දී තනතුරු වලට වැඩි සංඛ්‍යාවක කාන්තාවන් බඳවා ගැනීමෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය උල්ලංඝනය කර ඇති බව වාර්තා වේ.

එම කාලය තුළ කාන්තාවන්ගෙන් 69% ක් උසස් තනතුරු දැරූහ. එබැවින් ප්‍රංශ පොදු කටයුතු අමාත්‍යාංශය පැරිසියට දඩ නියම කළේය.

පැරීසි නගරාධිපති එන් හඩාල්කෝ (Anne Hidalgo)

“දඩ මුදල පිළිබඳ පුවත ඇසීම ගැන මම ඉතා සතුටට පත්වුණා,” යනුවෙන් පැරීසි නගරාධිපති එන් හඩාල්කෝ (Anne Hidalgo) විහිළුවෙන් පැවසීය.

කෙසේ වෙතත් ඔහු අමාත්‍යාංශයේ තීරණය දැඩි ලෙස හෙළා දුටුවේය. මෙය ඉතා භයානක, අයුක්ති සහගත සහ වගකීම් විරහිත යැයි දොස් නැගුවේය.

තමා නියෝජ්‍ය නගරාධිපතිවරුන් හා ඔවුන් සමඟ වැඩ කරන සියලුම කාන්තාවන් සමඟ පෞද්ගලිකව ගොස් දඩ මුදල් සඳහා චෙක්පතක් රජයට භාර දෙන බව ඔහු පැවසීය.

ප්‍රංශයේ විධායක තනතුරු වල එකම ලිංගික පාර්ශවයේ සාමාජිකයින් සියයට 60 කට වඩා නොවිය යුතු බව සැලකිය යුතුය.

-ibctamil

Exit mobile version