Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ව්‍යාජ සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වලින් ව්‍යාජ මත හදන BOT

ව්‍යාජ සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වලින් ව්‍යාජ මත හදන BOT

ව්‍යාජ සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වලින් ව්‍යාජ මත හදන BOT

ව්‍යාජ සමාජ මාධ්‍ය ජාලා ගිණුම්වලින් සත්‍ය විකෘති කරමින්, මත කණපිට හැරවීම, ස්වයංක්‍රීයව හා සංවිධානාත්මකව මේ වනවිට ලොවපුරා වර්තමානයේ ‘බොට්’ (BOT) මගින් සිදු කෙරේ.
සමාජ ජාලවල පුද්ගලික ගිණුම්, පිටු, මෙන්ම වීඩියෝ නාලිකා වර්තමානය වනවිට, ව්‍යාජ ගිණුම් හරහා තම Likes, Follows, shares, subscription, Reviews, Reactions සංඛ්‍යාව වැඩි කර ගැනීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.

සමාජ ජාල මාධ්‍ය ජනප්‍රිය වීමත් සමග ජනප්‍රිය සන්නාම නාමයන් මෙන්ම මධ්‍යම හා කුඩා ව්‍යාපාර තම නිෂ්පාදන හා සේවාවන් අලෙවි කර ගැනීමට ප්‍රධාන මාධ්‍යයන්ගෙන් බැහැර වෙමින් සමාජ ජාල වෙත නැඹුරු වෙමින් පැවතීම අද වනවිට ප්‍රවණතාවකි.

ඊට සමගාමීව ව්‍යාජ ගිණුම් ද විශාල වශයෙන් නිර්මාණය වීම හා ස්වයංක්‍රීයව එම ගිණුම් භාවිත කරමින් Likes, Follows, Shares, Subscription, Reviews, Reactions දැක්වීම මේ දිනවල සුලබව වාර්තා වේ.

අන්තර්ජාලයේ මෙවැනි වෙබ් අඩවි දහස් ගණනක් හමුවන අතර මුදල් ගෙවා මෙවැනි සේවා සලසා ගන්නා පුද්ගලයින් ද වේ.

මෙවන් වෙබ් අඩවි ස්වයංක්‍රීයව බොට් ලෙස ක්‍රියාත්මක වෙමින් එක රැයින් ලොව නන් දෙසින් එක්වන ගිණුම් හරහා තම සේවාදායකයින් වෙනුවෙන් සේවා සපයන ඒවායි.

Click Farms ලෙසින් ද බහුතරය හඳුන්වන මෙවැනි බොට්ස් නීත්‍යනුකූල නොවුණ ද සැබෑ ගිණුම් අභිබවා හිතැඟි පරිදි කටයුතු කරමින් සිටි.

බැලූ බැල්මට පෙනෙන ලයික්, කමෙන්ට්ස්, ෂෙයාර්ස් අතර ව්‍යාජ ලෙස මිල දී ගත් ලයික්, කමෙන්ට්, ෂෙයාර්ස් ද ඇතුළත්ව ඇති බව ඔබ මේ වනතෙක් දැන සිටියා ද?

නොසිතූ ලෙස Reactions ලැබෙන අවස්ථාවල විමසිල්ලෙන් බැලීමේ දී නුහුරු රටවලින් හා නුහුරු ගිණුම් හරහා ලැබී ඇති ප්‍රතිචාර නිරීක්ෂණය කළ හැකියි.

ප්‍රධාන සමාජ ජාල විසින් මේ වනවිට මෙවන් ව්‍යාජ ගිණුම් ඉවත් කිරීමට කටයුතු කළ ද මහා පරිමාණයෙන් වන මෙවන් ව්‍යාපාර දිනෙන් දින වැඩිවන බව නොරහසකි.

සමාජ ජාල පරිශීලකයින් නොදැනම නොමග යවන සුළු මෙවන් වංචා පිළිබඳව සැවොම අවධානයෙන් සිටිය යුතු කාලය එළැඹ තිබේ.

– newsfirst.lk

Exit mobile version