Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නෙදර්ලන්ත හිමිගේ පාත්තරය විසිවෙලා, හබල එකතැනක, ඔරුව තවතැනක: ප්‍රදේශ වාසීන් උද්ඝෝෂණයක

නෙදර්ලන්ත හිමි

නෙදර්ලන්ත හිමි

කකුල් වයරයකින් ගැට ගසා කොන්ක්‍රීට් ගලක බැද මාදු ගගේ තිබියදී හමුවූ ඝාතනය කළ බව කියන නෙදර්න්ත හිමියන්ගේ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකසංකා රැසක් මතුව ඇති බව වාර්තා වේ.ඒ අනුව උන්වහන්සෙගේ කුටිය තුළ පාත්තරය විසිවී තිබී ඇති බවත්, උන්වහන්සේ පැද යන ඔරුව එක්තැනකත්, හබල තව තැනකත් තිබී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර, නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ හදිසි අපවත්වීම ඝාතනයක් බවත් ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඉල්ලා ප්‍රදේශ වාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.
ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූයේ ඊයේ(15) උදෑසන හික්කඩුව නගරයේදීය.හිමිනමගේ ඝාතනයේ සුලමුල හෙළි කරන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතාවයෙහි නිරත පිරිස පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතවයෙහි නිරත වූහ.

 

 

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් සහ විශේෂ කාර්ය බළකා සෙබළුන් 60ක් පමණ යොදා ඇති බව පැවසේ.

කෙසේවෙතත් එම නිකායේ මහනායක තිරිකුණාමලයේ ආනන්ද ස්වාමීන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ උන්වහන්සේ සිය දිවි නසාගෙන ඇති බවත්, මාධ්‍ය එය ඝාතනයක් ලෙස හැදින්වීම වැරදි බවත්ය.

-MB | MR

Exit mobile version